රෝහල්වල දෛනික කටයුතු සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා සහය අඛන්ඩව .
රජයේ රෝහල් වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ දිනයේදි ආරම්භකරනු ලැබු වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යොදවනු ලැබු යුද්ධ හමුදා භටපිරිස් තවදුරටත් ඒ සඳහා යෙදවීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් ලබාදි ඇත.
ඒ අනුව මේවන විට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, අවිස්සාවේල්ල, මොණරාගල, මාතලේ, මඩකලපුව, වැලිකන්ද, නුවරඑළිය, ඔඩ්ඩුසුඩාන් සහ කෑගල්ල ඇතුළුව රෝහල් 52 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් යොදවා ඇත.
එම රෝහල් වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ 1000 කට ආසන්න භට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇති අතර, ඉදිරියේදී ඇතිවන අවශ්‍යතාවයන් මත අමතර භට පිරිස් යෙදිවීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා භටපිරිස් සූදානමින් තබන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි ගැටළුකාරි තත්වයන් මගහරවා ගනිමින් සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි සියලු පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන් හට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.