22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPජනතාවට අසීරුතාවයට පත් නොකර මෙම මාසයේ ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමටත් එම...

ජනතාවට අසීරුතාවයට පත් නොකර මෙම මාසයේ ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමටත් එම වැයබර ආයතනය විසින් දැරිමටත් තීරණය කළා – ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස්

මේ මාසයේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් හා සසඳා බැලිමේදි මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල ගණන් වැඩිවිය යුතු වුවත් එය වැඩි නොකිරීමට තම සමාගම තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමගේ සභාපති මූදිත පීරිස් මහතා දන්වා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද(02) මාසිකව මිල සූත්‍රයට අනුව ලිට්රෝ මිල ගණන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින්ය. එහිදි වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ ලිට්රෝ පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන් වැඩිවීම හරහා සිදුවන මූල්‍යමය පාඩුව ලිට්රෝ සමාගම ආයතනයක් ලෙස දරා ගන්නට තීරණය කර තිබෙන බවට හෙතෙම කීය.

ඒ අනුව මේ මාසයට අදාලව කොළඹ දිස්ත්‍රික්යකයට අනුව ලිට්රෝ ගෑස් මිල ගණන් මෙසේය. 12.5 කිලෝ ග්‍රෑම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,250ක්ද, කිලෝ ග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,707ක් හා කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 795කී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments