22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅපේ ජනබල පක්ෂයේ සභාපති ඇතුළු පස් ඝාතනය සැලසුම් කළ මහමොළකාරිය එස්.ටී.එෆ්....

අපේ ජනබල පක්ෂයේ සභාපති ඇතුළු පස් ඝාතනය සැලසුම් කළ මහමොළකාරිය එස්.ටී.එෆ්. අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන මහමොලකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකු වන මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ හා පියා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර පලාත් උතුර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය ගෝනහේන කදවුරේ කදවුර අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් ඉකුත් (22) බෙලිඅත්ත ප්‍රදේශයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන මහමොලකාරිය වන පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින හරේන්ද්‍ර ගුණතිලක නොහොත් හර්ෂ නැමැත්තාගේ මෙහෙයවීමෙන් කලක් නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු වන මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ වයස අවුරුදු 39 ක් වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72 ක් වන පියා හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 350 ක් සමග පල්ලෙවෙල පොලිස් වසමේ නො. 7/1, පාතගම, මුද්දරගම. ලිපිනයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් සිදු කරනු ලබන ප්‍රශ්ණ කිරීම් වලදී ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික සෙබලා ජනවාරි මස 21 වන දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට පිටව ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් ඇති බවටත් ඒ සදහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසා දී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති අතර මොවුනුගෙන් සිදු කරනු ලබන වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී පසුගිය වසරේ සීනගම දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කරනු ලබන පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රත්ගම විදුරගේ මස්සිනා වන රත්ගම ප්‍රාදේශීය සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුලාජ් තරංග යන අය ඝාතනය කිරීම සදහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 23ක් වන ආරච්චිවත්ත, කටුදමිපෙ, දෙඩම්දූව ලිපිනයේ පදිංචි කාන්තාවක්ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 580 ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය ගෝණහේන කදවුරේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේෂප්‍රිය ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments