29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට...

ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල  ක්‍රීඩා ශූරතාවලිය – 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

ඒ අනුව, මිටර් 400 තරඟ ඉසව්ව තත්පර 51.1 කාලයකින් අවසන් කර රන් පදක්කම දිනා දිනාගැනීම මඟින් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.  

තවද, නාවික හමුදාව මඟින් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම සහ ඔවුන් හට විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම වෙනුවෙන් නාවික හමුදාව තුල සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මව්බිම වෙත ජාතික හා ජාත්‍යන්තර තලයේ පදක්කම් දිනාදීමට හැකියාව ලැබී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments