21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය ශ්‍රීලංකාවේ සමස්ත රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයට අදාල අංශ...

සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය ශ්‍රීලංකාවේ සමස්ත රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයට අදාල අංශ තුනක් ආවරණය කරමින් දැවැන්ත ජාත්‍යාන්තර ප්‍රදර් ශනයක් මෙම (29) සිට ලබන මාර් තු (02) දක්වා ශ්‍රී ලංකා ප්‍රදර් ශන සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

අනුර ප්‍රේමලාල්

ඒ අනුව මෙම ප්‍රදර්ශනය කොළඹ කොටුව ඩි.ආර්. විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සම්මේලන ශාලාවේදී පැවැත්වේ මෙම ප්‍රදර්ශන ත්‍රිත්වය මෙම (29) සිට මාර්තු (02) දක්වා දිනපතා පෙරවරු 10.00සිට සවස 6.00 දක්වා පැවැත්වේ.
ෙඒ අනුව මෙම ආයතනය මගින් එකොළොස්වැනි වරට පවත්වන මෙම ජාත්‍යාන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණයන් සම්බන්ධ ප්‍රදර්ශනය 2024,

ජාත්‍යන්තර නූල් ,රෙදි,සැරසිලි සහ උපාංඟ නිෂ්පාදකයින්ගේ සහභාගිත්වයෙන් දහතුන්වරට පවත්වන කොළඹ ජාත්‍යාන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024ද ,

මෙ ්පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී (21) පැවැත්විණි එහිදි හෝS. S. Sarwar මහතා, සමූහ ප්‍රධාන විධායක නිලධාරී, CEMS-Global USA, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම,යොහාන් ලෝරන්ස් මහතා, මහ ලේකම්, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF),ආචාර් ය කිංස්ලි බර්නාඩ්, සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB),අභිෂේක් දාස් මහතා, අධ්‍යක්ෂ – ජාත්‍යන්තර අලෙවිකරණය, CEMS-Global USA යන මහත්වරු අදහස් දැක්වූහ.

හතළිස් තුන්වරට පවත්වන වර්ණක, සියුම් සහ විශේෂිත රසායන හඳුන්වාදෙන ඩයි + කෙම් ශ්‍රී ලංකා ජාත්‍යාන්තර ප්‍රදර්ශනය යන ප්‍රදර්ශන තුන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම සංවිධායකයින් පවසති.

ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන විවිධ කර්මාන්තකරුවන්ට සහයෝගිතා පහසුකම් සැලසීම,නවතම තාක්ෂණ ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කර ඇති මෙම දැවැන්ත ජාත්‍යාන්තර ප්‍රදර්ශනය කොළඹ ඩි.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන සම්මේලනයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය මගින් මහද්වීප හතරක් තුල විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරවමින් සිදුකරන බි2බි ප්‍රදර්ශනයන් අතරින් රෙදිපිළි කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට බෙහෙවින්ම අතහිත ලබාදීම අරමුණු කරගනිමින් බංගලාදේශය, බ්‍රසීලය, මොරොක්කෝව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් එකිනෙක සම්බන්ධ කරවිමින් පවත්වනු ලබන රෙදිපිළි හා සම්බන්ධ ප්‍රදර්ශනයන් තුලින් ජාත්‍යාන්තර රෙදිපිළි නිෂ්පාදකයින් හා ඇඟලුම් කර්මාන්තය අතර වැදගත් සම්බන්ධතාවයන් ගොඩනැංවීමට මෙම ප්‍රදර්ශනය මගින් තෝතැන්නක් සකස් කර දීමට සෙම්ස් ග්ලෝබල් ආයතනය සමත්වි ඇත.

එකොළොස්වැනිවරට පැවැත්වෙන ජාත්‍යාන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණයන් සම්බන්ධ ප්‍රදර්ශනය 2024 මූලික වශයෙන් රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාල නවීන යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් දැනුමක් ලබාදෙමින් ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගතියට ආලෝකයන් ලබාදීමට ඉවහල්වේ.

මීට සමගාමිව දහතුන් වරට පවත්වනු ලබන කොළම ජාත්‍යාන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024තුලින් විවිධ නූල් රාටා , රෙදි සහ අදාල ද්‍රව්‍ය ඇතුළත්ව ස්වභාවික තන්තුවල පටන් පරිසර හිතකාමි අමුද්‍රව්‍ය දක්වාද ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයට ගැලපෙන විවිධ නවීන විලාසිතාවන් ,ගේ දොර රෙදිපිළි සහ තාක්ෂණික කටයුතුවලට භාවිතා කරන රෙදිවර්ග සම්බන්ධව පුළුල් දැනුමක් ලබාගත හැකිවන අතරම සපැයුම්කරුවන් සහ නිෂ්පාදකයින් අතර සම්බන්ධතාවයක් ගොඩනංවා ගැනීමටද ඉවහල්වේ.

හතළිස්තුන් වරට පවත්වනු ලබන වර්ණක සියුම් සහ විශේෂිත රසායන හඳුන්වාදෙන ඩයි+කෙම් ශ්‍රී ලංකා 2024 ජාත්‍යාන්තර ප්‍රදර්ශනය රෙදිපිළි සහ ඇඟලුම් අංශය සඳහා ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ සහායක නියෝජිතයින් හට අනුපූරුක වනු ඇත.

මෙම ප්‍රදර්ශනයන් වල සුවිශේෂි අංශයක්වනුයේ නවෝත්පාදනය සහ තිරසාරත්වය ප්‍රදර්ශනය කිරීමයි. දිනෙන්දින වෙනස්වන ගෝලීය වුවමනාවන් ඉදිරියේ පරිනාමය වන ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදකයන් හට ඔවුන්ගේ අතීනවීන තාක්ෂණයන් තිරසාර භාවිතයන් පරිසර හිතකාමි අමුද්‍රව්‍ය ඉදිරිපත් කිරීමට මෙම ප්‍රදර්ශන අපූරු වේදීකාවක් වනු නොවනුමානය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ සංස්කරණ මගින් මෙරට සමස්ත රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තයේ නරඹන්නන්ට රෙදිපිළි ඇඟලුම් යන්ත්‍රෝපකරණ ,නූල්,රෙදි,ඇඟලුම්,ට්‍රිම්ස්,උපාංඟ,ඩයිවර්ග ඇතුළු විවිධ රෙදිපිළි නිෂ්පාදන සහ විසඳුම්දැක ගත හැකිය. මෙම ප්‍රදර්ශනය රසායන ද්‍රව්‍ය සහ රෙදිපිළි අමුද්‍රව්‍යවල සිට නිමි භාණ්ඩ දක්වා සමස්ත රෙදිපිළි දාමය ආවරණය කරයි. නරඹන්නන්ට ලොවපුරා නිෂ්පාදකයින් සමඟ එකම වහලක් යට ජාලගත වීමට සහ දේශසීමා සම්බන්ධතා සහ නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් වනු ඇත.

එකොළොස් වන වරට පවත්වනු ලබන ජාත්‍යාන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණයන් සම්බන්ධ ප්‍රදර්ශනය 2024,ජාත්‍යාන්තර නූල්,රෙදි, සැරසිලි සහ උපාංඟ නිෂ්පාදකයින්ගේ සහභාගිත්වයෙන් දහතුන්වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යාන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024, හතළිස්තුන්වරට පවත්වනු ලබන වර්ණක සහ සියුම් සහ විශේෂිත රසායන හඳුන්වාදෙන ඩයි +කෙම් ශ්‍රී ලංකා 2024 ජාත්‍යාන්තර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ ගමන් මග යළි පුනරුදයක් ලබනු ඇත. නිව්යෝර්ක් හී පදනම්වු සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය වෘත්තීය බහුජාතික ප්‍රදර්ශන සහ සම්මේලන සංවිධානයකී. 1992දී පිහිටුවනු ලැබු මහද්වීප හතරක් පුරා සිය මෙහෙයුම් සිදුකර ඇති මෙම ආයතනය වසර 32කට වැඩිකාලයක් තුල වෙළෙඳ හා ආර්ථිකයේ වැදගත් ව්‍යාපාරික අංශ සඳහා වෘත්තීය බි2බි වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments