21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකේය සිනමාවේ ගැටළු ගැන කතා කිරීමට ජනපති හා ශ්‍රී ලංකා...

ශ්‍රී ලාංකේය සිනමාවේ ගැටළු ගැන කතා කිරීමට ජනපති හා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ නිලධාරින් අතර හමුවක්..

විවිධ අභියෝග හමුවේ යම් ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන ශ්‍රී ලාංකේය දේශීය සිනමා කර්මාන්තය වර්තමානයේදී මුහුණදෙන ගැටළුවලට ඉක්මන් විසඳුමක් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ නිලධාරින් අතර හමුවක් ඉකුත් (20) පවත්වා තිබේ.

අලුතින් සිනමාකර්මාන්තයට පනවනු ලැබු එකතු කළ අගය මත18%ක බදු මුදල හේතුවෙන් සිනමාශාලාවල ප්‍රවේශපත් මිල ඉහල යෑම නිසා චිත්‍රපට නැරඹීමට සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම අඩුවීම, සිනමා ප්‍රවේශපත්‍රයේ මිලෙන් අයකරගනු ලබන 7.5%ක් වු විනෝද බද්ද ඉවත් කර ගැනීම, සිනමාශාලාවේ විදුලිබිල කර්මාන්ත ගණයේ ලා සැලකීම මගින් එය අඩුකර ගැනීමේ සහනය මත ප්‍රවේශ පත්‍ර ගාස්තු අඩුකර ගැනීම, කිහිපවිටක් ම සංශෝධනය වී ඇති චිත්‍රපට නියාමන මණ්ඬල කෙටුම්පත බලගන්වමින් නිදහස් චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරගැනීම සහ සිනමාවට මෙරට තුල ජාතික කර්මාන්තයක් ස්ථාපිතකොට පිළිගැනීම යන කරුණු මෙම සාකච්ඡාවට භාජනය වි ඇත.

ජනපති සමග රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය,ජනපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට,ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් එම සාකච්ඡාවට එක්වි තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය නියෝජනය කරමින් එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සංසදයේ ලේකම් ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර, උපසභාපති සුරංගද අල්විස්,භාණ්ඩාගාරික සුදේශ් වසන්ත පීරිස් සහා ප්‍රධාන සංවිධායක සුනෙත් මාලිංඟ ලොක්හේවායන මහත්වරු එක්වෙමින් සවිස්තරාත්මක විස්තර දැක්වීමක් සිදුකර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments