මන්නාරමේ යෝජිත සුළං බලාගාරය ව්‍යාපෘතිය පරිසර ඇගයිම් වාර්තාව සකස් කර තිබෙන්නේ නිසි දත්ත පදනම් කරගෙන නොවෙන බව පරිසර වේදීයෝ පෙන්වා දෙති.
ලෝකයේ පක්ෂීන් සංක්‍රමණයවන ප්‍රධාන මාර්ග අටෙන් එකක් මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ අවසානය වන්නේ ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශයයි. මෙම මාර්ගය ඔස්සේ රටවල් තිහකිස් පමණ පක්ෂීන් මිලියන පහළොවක් පමණ වාර්ෂිකව මෙරටට පැමිණෙන බව පරික්ෂකයින් පෙන්වාදී තිබෙනවා.
මෙම මන්නාරම පක්ෂීන් අතුළත්වන ප්‍රධාන මාර්ගයක් වන අතර යෝජිත මන්නාරම් සුළං බලාගාරය නිසා මෙරටට පැමිණෙන පක්ෂීන් පැමිණීම නැවතීමේ දැඩි අවධානමක් පවතින බව පරිසරවේදීන් පෙන්වාදෙති. අදාල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කර තිබෙන පරිසර ඇගයීම් වාර්තාවද පරිසර අධිකාරිය මේවනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මේ වාර්තාව පිළිබඳ පරිසර වේදීන් පෙන්වා දෙන්නේ නිසි දත්ත පාදක කොටගෙන සකස් කර නොමැති බවය.
මෙහිදි අදහස් දැක්වු මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා කියා සිටියේ තමන් පෙන්වාදී ඇති කරුණු අනුව සමහර කුරුල්ලන් මන්නාරමේ මාස හයක් ගතකොට පේෂාලේ, තලෛමන්නාරම ඇතුළු ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයකත් පසුව ඉන්දියාවේ ගුජරාට්වල සහ පසුව පකිස්ථානයට ඇතුළුවි පසු ඇෆ්ගනිස් ථානය , කසකස්ථානය සිට රුසියාවටත් ගොස් මාස හයක් එහි පැටව් සාදාගෙන යළි නැවත ඉරානය දිගේ පහලට පැමිණ මන්නාරමෙන් ලංකාවට එනබවයි. ඒ අනුව මන්නාරම කියන්නේ කුරුල්ලෝ ටිකක් දකින්න හැකි නිකම්ම නකම් ස්ථානයක් නොවේ.
මෙහිදි අදහස් දැක්වු
ආචාර්ය රෝහාන් පෙතියාගොඩ මහතා…… මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අදානි සමාගමට පැයකට අමෙරිකානු ඩොලර් සත හතරක් අපි ගෙවිය යුතු බවට ගිවිසුමේ තිබෙනවා. අමෙරිකානු රජය කියන්නේ ඒ රටේ මේ සඳහා ගෙවන්නේ සත දෙකකට අඩු මුදලක් බවය. මින් පෙනි යන්නේ අපි අදානි සමාගමට ගෙවනු ලබන මුදල ලෝක සුළං බල ශක්ති මුදලට වඩා සීයයට දෙසීයක් හෝ තුන්සීයක් වන බවය. මේ විශාල ලාභය කාගේ සාක්කුවකට යනවා ඇද්ද?
ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා……මෙහිදි ලබාදෙන පාරිසරික වාර්තාව මගින් සිදුවන බලපෑම් හා ඊට ලබාදෙන විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. වත්මන් පරිසර තත්ත්වය පිළිබඳ විග්‍රහයක් පැවතිය යුතුයි.
මේ ව්‍යාපෘතිය තෝරාගත් ස්ථානය ගැන කතා කරන විට ඊට වෙනත් විකල්ප ස්ථාන තිබෙනවාද එසේ තිබෙද්දී මෙම ස්ථානයට පැමිණියේ ඇයි කියන එක මෙහි සඳහන් විය යුතුයි. වාර්තාවේ මෙවැනි බොහෝ කරුණු ඇතුළත් වෙලා නැහැ. එහෙනම් මේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවකී. විකල්ප තක්සේරුවක් නෑ.
මෙම වාර්තාවේ කරුල්ලන් ගෙන්වීම සඳහා කොරිඩෝවක් හඳුන්වා දිය යුතුයි සඳහන්වෙන අතර කරුල්ලන්ට ඉගිලෙන ස්ථාන කියන්න අපිට පුළුවන් කමක් නැති බව ඉතාම පැහැදිලි කරුණක්. ඒ නිසා මීට විරුද්ධව ක්‍රියා කළ හැකියි.
මෙම ව්‍යාපෘතියට අදාල පාරිසරික බලපෑම් තක්සේරු වාර් තාව ලබන මාර් තු(06) දක්වා මහජන අදහස් සඳහා විවෘතව පවතින අතර මේ පිළිබඳ අවධානයක් සැළකිලිමත් මන පුරවැසියන්ට එම වාර් තාව පිළිබඳ අදහස් දැක්විය හැකිය. එම අදහස් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දිය හැකි බව මෙහිදි කරුණු දැක්විණි.
මේ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹ 07, ඩච් බර් ග් හීදි (27) පැවැත්විණි. මෙය ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සංවිධානය කර තිබිණි.

