26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතා විමුක්ති පෙරමුණට අපේ කිසිම බියවීමක් නැහැ බොහොම පැහැදිලිවම මැතිවරණය ළං වනවිට...

ජනතා විමුක්ති පෙරමුණට අපේ කිසිම බියවීමක් නැහැ බොහොම පැහැදිලිවම මැතිවරණය ළං වනවිට ජනතාව එම පෙරමුණේ ඉරණම විසඳනවා-දුෂ්මන්ත මිත්‍රපාල මහ ලේකම් ශ්‍රි.ල.නි.ප.

කොළඹ වික්‍රමපාල

ජනතා විමුක්ති පෙරමුණට අපේ කිසිම බියවීමක් නැහැ බොහොම පැහැදිලිවම මැතිවරණය ළං වෙත්ම ජනතාව විමුක්ති පෙරමුණේ ඉරණම විසඳෙනවා අද ජනතා විමුක්ති පෙරමුණට ඕන තරම් සල්ලි තියෙනවා සතියට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා රැස්වීම් කරන්න ඔවුන්ට ඕන තරම් මුදල් තියෙනවා ජනතාව සොයා බැලිය යුත්තේ මේ අයට මේ වගේ මුදලක් ලැබෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ. මොවුන්ට මෙච්චර රැස්වීම් පවත්වන්න තාම මැතිවරණ කාලසීමාව එළඹිල්ලක් නැහැ කවුද මේ අයට මුදල් දෙන්නේ මොන අරමුණෙන් මුදල් දෙනවාද කියන කාරණාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඔවුන් කල්පනා. කරලා බලන්න ඕනේ.

අපි ඒ කාලේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගැන ඉස්සර නං දැනගෙන හිටියේ නිර්ධන පංතියයි ධනපති පන්තියේ හැප්පුනාම පන්ති රහිත සමාජයක් බිහිවෙනවායි කියන මතය ඉඳලා තමයි ඔවුන් දේශපාලනය කරලා කියලා අපි දැනගෙන හිටියේ අද පැහැදිලිව පේනවා ජනතාව විමුක්ති පෙරමුණේ ධනපති පංතියක් ඇතුලේ ඉන්නවා ඒවා නියෝජනය කරන කණ්ඩායම් අන්ත දක්ෂි නාංශික විදිහට තමයි ඒවා නියෝජනය කරගෙන යන්නේ පරණ සමාජවාදී කණ්ඩායමත් ඉන්නවා ලාල්කාන්ත මහත්තයා වගේ අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ ජනපති පන්තියයි නිර්ධන පංතියයි අවසානයේ ගැටිලා ඉවරවෙලා ජෙප්පෝ රහිත පාර්ලිමේන්තුවක් බිහිවෙයි කියලා විශ්වාසය තමයි අපේ තියෙන්නේ
රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අපි කලින් ප්‍රකාශ කළා වගේ යථා තත්ත්වයට පත්වීමක් අපි දකින්නේ නැහැ කියන කාරණාව බොහෝ අවස්ථාවල අපිට පෙනෙන්න තිබෙනවා. අපි කණගාටුවට පත්වෙනවා දැවැන්ත සංචාරකයින් පිරිසක් මේ රටට පැමිණෙන මොහොතක ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත්වෙලා තියෙන ඉරණම මේ රටේ ආර්ථිකයේ එක පැතිකඩක් නිරූපණය කරනවා. මේ පරිහානිය අද රාජ්‍ය සේවයේ හැම දෙපාර්තමේන්තුව ගමන් තිබෙනවා මේ වැඩ වලින් අන්තිමට වෙන්නේ මේ එන සංචාරක ප්‍රමාණය අඩුවීම විතරයි නියමිත වෙලාවට තම රටට නැවත යන්න බැරි නම් මම හිතන්නේ සංචාරක කර්මාන්තය බරපතළ ප්‍රශ්නයක් වෙයි. සංචාරක කර්මාන්තය දියුණු වීගෙන යනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රශ්න පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ ආයතන ගණනාවක් කුණුකොළයට විකුණයි කියන බය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා
මහ බැංකුව පඩි වැඩි කරගන්න කොට මුදල් රාජ්‍ය මත තුමා කියනවා ඒක ඔවුන්ගේ අයිතියක් කියලා. මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවටයි බලය තිබෙන්නේ හැමකෙනාම දැවැන්ත කැප කිරීමක් කරනකොට මේ මොහොතේ මේ අයට විතරක් පඩි වැඩි කිරීම සාධාරණද කියන ප්‍රශ්නය තියෙනවා.
මොන පොලිස්පතියාවත් රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා නම් ඒ පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් නෑ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments