පාසැල් පොත් බෑගයේ බර වැඩිවීම නිසා පාසැල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරිරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත. ඒ අනුව සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවි ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේවනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.
තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසැලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය නිකුත් කර තිබෙන උපදෙස් මාලාව මෙම ලිපිය සමග යොමු කර තිබේ.