23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමහා බැංකුවේ වැටුප් වැඩි කිරීම නිසා මාසිකව රු. මිලියන 232කට ආසන්න...

මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම නිසා මාසිකව රු. මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවට අනාවරණයක්.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන්ට පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදයක්

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නෛතික බලයක් නැති බවටත් පක්ෂ නායකයන්ගෙන් තර්කයක්.

නෛතික බලයක් තිබුණත් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක 70%කින් වැටුප් වැඩි කරගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවටත් දැඩි චෝදනා.

වැටුප් වැඩි කළ ප්‍රමාණ ගැන තවදුරටත් සිතා බලන්න මහා බැංකුවට යෝජනාවක්.

වැටුප් වැඩි කිරීම සිදුකර ඇති වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර ඇති කරගෙන තිබෙන සාමූහික ගිවිසුම (Collective Agreement) කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි ‍කර නොමැති බවත් හෙළි වෙයි

ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අද (05) ‍පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්රේසාදය පළ විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (05)පැවති පක්ෂ නායක රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ. මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂයේ ප්රිධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලදී.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහබැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස වැටුප් ඉහළ නැංවීම සදහා ප්රිතිපාදන තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඒ සදහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බව ද පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ. මේ අනුව නව පනතින් මහබැංකුවේ කටයුතු ස්වාධීන කිරීම සදහා ප්රණතිපාදන තිබුණද කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩි කිරීම සදහා අවස්ථාව නොමැති බවත් මෙහිදී පක්ෂ නායකයෝ කරුණු දැක්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව මේ සදහා ප්‍රතිපාදන ඇති බවත් පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සදහා මහබැංකුවේ අරමුදල් භාවිතා කිරීමේ බලය පනතින් ඇති බවයි.

එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සදහනක් පනතේ තිබුණද වැටුප් පිළිබඳ නිශ්චිත ප්රාතිපාදන නොමැති බවයි. පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණද අනුමතිය සදහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු බව මෙහිදී පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

එසේම මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ මෙම වියදම් සිදු කරන්නේ මහබැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි. මහබැංකු අරමුදල් භාවිතා කිරීමට බලතල පනත මඟින් ලබා දී ඇති බවත් නිලධාරීන් පැවසූහ. මෙි සම්බන්ධව මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස පක්ෂ නායකයන් ඉදිරියේ කරුණු පැහැදිළි කළහ.

මහබැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සදහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සදහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමතිය ඒ සදහා අවශ්යක බවත් මෙහිදී පක්ෂ නායකයෝ පැවසූහ.

සෑම වර්ෂ තුනකට වතාවක් වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුමකට (Collective Agreement) අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදු කර ඇති බවත් පෙර වසරවල ද මෙය සම්ප්රcදායක් ලෙස සිදු කර ඇති බවත් නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් මෙවැනි ගිවිසුමක් නීත්යvනුකූල වීම සදහා කම්කරු අමාත්යාංදශයේ ලියාපදිංචිය ලබා යුතු බැවින් එය සිදුකර තිබේද යන්න මෙහිදී ප්රවශ්න කරන ලදී. එහිදී නිලධාරීන් පැවසූවේ එවැනි අනුමතියක් ලබා ගෙන නොමැති බවයි. මෙවැනි සාමූහික ගිවිසුමක් ක්රිරයාත්මක කළ හැකි වන්නේ එය කම්කරු අමාත්යාංබශයේ ලියාපදිංචි කිරීමෙන් පමණක් බවත් පක්ෂ නායකයෝ මෙහිදී පැවසූහ.

කෙසේ වෙතත් පක්ෂ නායකයන් පෙන්වා දුන්නේ නව පනතක් මඟින් මහබැංකුව ස්වාධීන කිරීමෙන් අපේක්ෂා කළේ ස්වාධීන තීන්දු ගෙන වැටුප් වැඩි කිරීම නොව දේශපාලන මැදිහත්වීම් ‍වලින් තොරව රටේ ආර්ථිකයට අදාළ නිවැරදි ප්රොතිපත්ති සැකසීම බවයි.

යම් අයුරකින් නීතියට අනුව හැකියාවක් තිබුණ ද රට සහ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක අසංවේදී ලෙස මෙලෙස වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවත්, අනුමත කළ නොහැකි බවත් මෙහිදී පක්ෂ නායකයෝ මහබැංකුවේ නිලධාරීන්ට අවධාරණය කර සිටියහ. එසේම වැටුප් වැඩි කළ යුතු අංශ ගණනාවක් තිබියදී එක් පිරිසක් පමණක් වරප්‍රසාද හිමිකර ගැනීම සාධාරණ නොවන බව ද පෙන්වා දුන්හ.

එසේම මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව අමතර රු. මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments