26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedවරාය නගරය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ...

වරාය නගරය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සහ වරාය නගරය කොමිෂන් සභාවේ මතය සම්බන්ධ එක් තීරණයකට පැමිණෙන්න – අමාත්‍යාංශ ලේකම්වරයාට කඩිනමින් මැදිහත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුම් දෙයි

වරාය නගරය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මෙරට ව්‍යාපාරවලට සිදුවිය හැකි බලපෑම සහ බදු ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර වාර්තා කරන ලෙසත් දැනුම් දෙවරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පසුගිය රැස්වීම් සදහා සහභාගී නොවීම පිළිබඳව අප්රමසාදය – ඉදිරි රැස්වීම් සදහා අවම වශයෙන් කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනෙකු හෝ සහභාගී විය යුතු බවටත් තීරණයක්

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධ එක් තීරණයකට පැමිණීම සදහා කඩිනමින් මැදිහත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආයෝජන ප්රකවර්ධන අමාත්යාංනශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය හර් ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානනත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (12) රැස්වූ අවස්ථාවේදී තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සදහා වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සතු නෛතික බලය පිළිබඳව ද අවධානය යොමුවූ අතර එහිදි මෙම දැනුම්දීම සිදුකරන ලදී.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාල නව රෙගුලාසි අනුමතිය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද ආයෝජන ප්රසවර්ධන අමාත්යාංුශයේ වැඩබලන ලේකම් අනෝජා හේරත් මහත්මිය පැවසීය. තීරු බදු රහිත භාණ්ඩ ඩොලර් 5000ක් දක්වා නියම කිරීමට කොමිෂන් සභාවට බලය නැති බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. එවැනි තත්ත්වයක් තුළ වරාය නගරය කොමිෂන් සභාව විසින් සේවය ලබා ගත් පෞද්ගලික නීති සමාගමක් විසින් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාල නීති සම්පාදනය සදහා වරාය නගරය කොමිෂන් සභාවට පූර්ණ නෛතික බලතල ඇති බවත් නීතිපතිවරයාගේ මතය වැරදි බවටත් ලිපියක් මගින් මුදල් කාරක සභාවට දන්වා ඇති බව ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය. නීතිපතිවරයාගේ මතය වැරදි බව මෙවැනි පෞද්ලගලික නීති සමාගමක් හරහා දැනුම් දීම ගැටලු සහගත බවත් නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුවේ අනුමතියකින් තොරව සිදු කිරීම ගැටලුකාරී බවත් මෙහිදී සාකච්ඡා වූහ.

අනුනීති සෑදීමේ බලය කොමිෂන් සභාවට හිමි වුව ද මෙවැනි අසීමිත බලතල (unfettered powers) හිමි නොවන බව මෙම අවස්ථාවට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කළහ.

එසේම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය, එහි ප්‍රායෝගික තත්ත්වය සහ බලපෑම පිළිබඳ දීර්ඝ ලෙස කමිටුව ප්රාශ්න කරන ලදී.ඒ අනුව මෙමගින් මෙරට පවතින භාන්ඩ විකිණීමේ ව්යාළපාර ආයතනවලට සිදුවිය හැකි බලපෑම සහ මුදල් අමාත්‍යාංශයට අදාළව බදු ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යනයනයක් සිදු කර වාර්තා කරන ලෙස ද දැනුම් දුන්නේය.

එසේම මුදල් කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර අනුමතිය ලබා නොදීම තුළ තීරුබදු සහිත සාප්පු සංකීර්ණය ස්ථාපිත කිරීම වඩාත් නිවැරදි ලෙස සිදු කිරීමට මාර්ගය සැලසුන බවත් ඒ සම්බන්ධයෙන් මුදල් කාරක සභාව ලෙස සතුටුවිය හැකි බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පසුගිය කාලයේ පැවති රැස්වීම් සදහා සහභාගී නොවීම පිළිබඳව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. මෙහිදී කොමිෂන් සභා නිලධාරීන් පැවසුවේ සභාපතිවරයාට සහභාගී වන ලෙස විශේෂයෙන් දන්වා තිබේ නම් සභාපතිවරයා සහභාගී වන බවයි. එසේම මෙම රැස්වීම සදහා සභාපතිවරයා සහභාගී නොවුයේ අග්රාමමාත්යහවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වෙන බැවින් යැයි ද ඔවුහු පැවසුහ.

කෙසේ වෙතත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් වැදගත් කරුණු සාකච්ඡා කිරීම සදහා සභාපතිවරයා ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන්ගේ සහභාගීත්වය වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි. එසේම එක් එක් දිනවල විවිධ කොමිෂන් සභා සාමාජිකයන් පැමිණෙන බවත් ඉදිරියේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කොමිෂන් සභාවේ සාමාජිකයන් 7 දෙනාගෙන් අවම වශයෙන් සාමාජිකයන් තිදෙනෙකු හෝ සහභාගී විය යුතු බවට මෙහිදී තීරණය විය.

එසේම කොමිෂන් සභාවේ අධ්යෙක්ෂ ජනරාල් ධුරය සඳහා ස්ථිර නිලධාරියෙක් පත් නොකිරීම සම්බන්ධයේද කාරක සභාවේ අවධානය යොමු විය.

තවද වරයා නගරය ඉඩම් කොටස් සදහා තාවකාලික බලපත්රස ‍ලබා දීම නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් දන්වා තිබුණද තවදුරටත් එය සිදුවන බව කාරක සභාව පෙන්වා දුන්නේය. තාවකාලික බලපත්රව ලබාදීමේ ක්‍රියාවලිය නිත්‍යානුකූල කර ගැනීම සදහා අදාළ පියවර ගත යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. මීට පෙරද කාරක සභාව විසින් ‍මීට අදාළ නිර්දේශ ලබා දෙන ලද බැවින් සතියක් තුළ අදාළ පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

එසේම වරාය නගරය සංවර්ධන කටයුතු පාලනයට අදාළ රෙගුලාසිවල සිදු කරන ලද සංශෝධයන්ට අදාළ ගැසට් පත්රුය මෙහිදී සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙහිදී අනුමතිය හිිමිවිය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පැස්කුවල්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දුමින්ද දිසානායක, මයන්ත දිසානායක සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්ම මහත්මීහු ද නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments