මේ යුක්තිය මෙහෙයුම මුළු රටේම ඔබ සියලු දෙනා වෙනුවෙන් කරන දෙයක් අපි ඒක නිසා තමයි මෙවැනි රැස්වීම් තියලා ඔබ සියලු දෙනා දැනුවත් කරන්නේ. ඒ නිසා ඔබ සැම අප සමග අත්වැල් බැඳගෙන මේ කර්යය සාර්ථක කරගන්න සහයෝගය දෙන්න
කිලිනොච්චි පොලිස් කොට්ඨාසයේ (17 ) ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.
“අපි ප්‍රජා පොලිස් කමිටු අලුත් විදිහකට අලුතෙන් කමිටු හැදුවේ ගිය ඔක්තෝම්බර් දහය වෙනකොට. ඒකට හේතුව වුණේ අපිට සෑම ප්‍රදේශයකම හොඳ ක්‍රියාකාරීන් අවශ්‍ය වෙලා තිබුණා සහාය පල කරන්න.
එම සැලසුම් කරන කාලයෙම තමයි අපි මේ යුක්තිය මෙහෙයුම සැලසුම් කෙරුවෙ අපි කමිටුවක් හදලා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සියලු දේ අධ්‍යයනය කෙරුවා ඉන්පසුවපසුව ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කෙරුවට පස්සේ නමුත් පොලිස්පතිතුමා මට කිව්වා සමහර පළාත්වල ඒ දේ තවම හරියට කෙරිලා නෑ කියලා ඒවත් හරියට හදාගෙන අපි දෙසැම්බර් මාසේ අපි මෙහෙයුම දියත් කෙරුවා . අපිට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කරලා ඒ සියලුම සාමාජික සාමාජිකාවන්ගෙන් මේ යුක්තිය මෙහෙයුමට උදව් ලබා ගැනීමයි . මම යුක්තිය මෙහෙයුමේ මෙතෙක් කරල තියෙන වැඩ ගැන විස්තර සඳහන් කරන්න යන්නේ නෑ මං හිතන්නේ ඒ දේ ඔබ සියලු දෙනා දන්නවා. මම 2022 මේ අමාත්‍යාංශය භාර ගන්න කොට මේ රටම ගිනි අරගෙන තිබුණ වෙලාවක්. අපිට තිබුණු පළමු අභියෝගය තමයි රටේ නීතිය හා සාමය ඇතිකරලා සාමාන්‍ය ජීවිත වලට ඉඩ දීලා කිසි කරදරයක් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න සලස්වන එක.
ගරු ජනාධිපතිතුමත් මේ තනතුරට පත් වුණේ ඒ වකවානුවේ. එතුමා ආර්ථික ප්‍රශ්න විසඳන වෙලාවේ මට කිව්වේ කෙසේ හෝ නීතිය හා සාමය ඇති කරන්න කියලා මේ රටේ. අපි මං හිතන්නෙ ඒක සාර්ථකව කරගන්න පුළුවන් උනා. පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් එකට එකතු වෙලා මහපාරේ තිබුණ ප්‍රශ්න විසඳලා ඉදිරියට අපි ආවා . ඊළඟට මම බැලුවහම මේ රටේ තිබුණු විශාලතම ප්‍රශ්නය තමයි මේ කුඩු ප්‍රශ්නය. කුඩු ප්‍රශ්නයක් එක්ක පාතාලයත් එකතු වෙලා තිබුණා. එතකොට මට පෙනී ගියා මේ රටේ ජනතාව ඔබ සියලු දෙනා ඔබගේ දූ දරුවන් මේ ප්‍රශ්නෙට මැදිවෙලා තිබුණා. මේ රටේ පවුල් දස දහස් ගණනක් කුඩු හින්දා කැඩිලා තිබුණා. අම්මලාගේ රත්තරන් බඩු ළමයි හොරකම් කරන තත්ත්වයක් උදා වෙලා තිබුණා.ගෙදර තියෙන පිත්තල බඩුව පවා හොරකම් කරලා විකුණන තත්ත්වයක් උදා වෙලා තිබුණා. මෙන්න මේ දේ නැති කරන්න තමයි අපි තීරණය කරලා මේ යුක්ති මෙහෙයුම පටන් ගත්තේ. මේ යුක්ති මෙහෙයුම මේ රටේ ජනතාව ඔබ සියලු දෙනා මුළු රටේම ඔබ සියලු දෙනා වෙනුවෙන් කරන දෙයක් මේ. අපි ඒක නිසා තමයි මෙවැනි රැස්වීම් තියලා ඔබ සියලු දෙනාව දැනුවත් කරන්නේ අපි සමග අත්වැල් බැඳගෙන මේ කර්තව්‍යයට එකතුවෙලා සහභාගී වෙන්න ලෙස. ඒකට උදව් කළ හැක්කේ පළමුවෙන් ඔබ සියලු දෙනාටම පුළුවන් අපිට අවශ්‍ය තොරතුරු ලබා ලබා දෙන්න. පොලිස්පතිතුමා කියපු විදිහට දුරකථන අංක තියෙනවා ඒවට කතා කරලා ගේවෑ CLI අපි අයින් කරලා තියෙන්නේ කවුද කතා කරන්නේ කියලා දැනගන්න බැරිවෙන විදිහට. ඒවට කතා කරලා අපිට තොරතුරු ලබාදෙන්න පුළුවන්.
ඒ මොකද අපිට වඩා ඔබ සියලු දෙනා තමයි දන්නෙ ඔබේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියලා. එතකොට ගමේ චන්ඩි කවුද, මේ පාතාලයට සම්බන්ධ කවුද කියන එක. ඉතින් ඒ තොරතුරු අපිට ලබා දුන්නහම අපිට ගොඩක් ලේසි වෙනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. අපි තද තීන්දු අරගෙන මේ මාස තුනේ මං හිතන්නේ මං කියන්න ඕන නැහැ අපි සියලු දෙනාම දන්නවා මට වඩා ලංකාව පුරහම මාස තුනකට කලින් තිබ්බ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ දැන් . මම කුඩු විකුනන අයටයි පාතාලේ උදවියටයි දිගින් දිගටම මගේ කතාවල පණිවිඩයක් වශයෙන් කියලා තියෙනවා මේ දේ නවත්තන්න කියලා. නැවැත්තුවේ නැත්නම් අපි ඒගොල්ලන්ව හොයාගෙන යනවා. ඔයාගෙන ගිහිල්ලා ගැටුමක් ඇතිවුනොත් ඒගොල්ල මැරුම් කනවා. මම කියලා තියෙන්නේ කිසිම බුරුලක් දෙන්න එපා ඒ කාටවත්. කිසිම බලපෑම්වලට අපි යටත් වෙන්නේ නෑ.ජාත්‍යන්තරයෙන් අපිට බලපෑම් කරනවා, නිවේදන නිකුත් කරනවා, අපිට ලිපි එවනවා කුඩු විකුණන අයගේ සල්ලි වලට යට වෙලා බලපෑම් කරනවා, සමහර නීතිඥවරුන් කුඩු විකුණන අයගේ සල්ලි වලට යට වෙලා අපිට නඩු දානවා, මට නෙවෙයි වැඩියෙන්ම පොලිස්පතිතුමාට එයාව පොලිස්පතිකමෙන් අයින් කරගන්ඩ