කොළඹ වික්‍රමපාල
ශ්‍රී ලංකා රේගුව 2024 වසරේ මුල් මාස 03 තුළ ආදායම් වශයෙන් රුපියල් බිලියන 350 කට ආසන්න මුදලක් රැස්කරලා තියෙනවා මේ මුදල රජය රේගුවෙන් බලාපොරොත්තු වූණු ආදායමට සමාන බව ජ්‍යෙෂ්ඨ රේගූ අධ්‍යක්ෂ
රේගු මාධ්‍ය ප්‍රකාශකසීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීය……මේ බිලියන 350කට ආසන්න මුදල අපිට එකතු කරගන්න හැකි වුණේ රේගු දෙපාර්තමේන්තුව තුළ අපි ආරම්භ කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ තුලින් විශේෂයෙන්ම පසුගිය වසර වල තිබුණු ආනයන තහනම් කිරීම, තහනම් කරන ලද භාණ්ඩ නැවතත් ආනයනය කිරීමට ඉඩ දීමට රජය ගත්ත තීරණය පසුගිය වසරේ ඔක්තෝබර් වල ඒ තීරණය නිසා භාණ්ඩ ආනයන ප්‍රමාණය ඉහළ ගියා ඒ වගේම රජය වෙනස් කරනු ලැබු බදු ප්‍රතිශතයන් විශේෂයෙන්ම වැට් බද්ධ18% කිරීම වගේ බදු ප්‍රතිශතයන් වෙනස් කිරීම් තුලිනුත් අපේ ආදායම වැඩිකිරීමට ධනාත්මක ලෙස බලපාලා තියෙනවා.
උත්සව කාලයට විශේෂයෙන්ම අලුත් අවුරුද්දට ආනයනය කරන ලද භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පසුගිය දිනවල ප්‍රමාදයක් තිබුණා නමුත් ගිය සතියේ අන්තය වන විට ලංකාවට ආනයනය කරලා තිබුණු සියලුම භාණ්ඩ ආනයනකරුවන් විසින් ශ්‍රී ලංකා රේගුවට සටහන් කර ඉදිරිපත් කරන ලද සියලුම බහලුම් අපි නිදහස් කිරීමට පියවර අරගෙන තියෙනවා මේ වන විට කිසිම භාණ්ඩයක් නිදහස් කිරීමේ ප්‍රමාදයක් ඇතිවෙලා නැහැ..
පසුගිය දිනවල සාමාන්‍යයෙන් භාණ්ඩ නිදහස් කිරීමේ ප්‍රමාදයක් තිබුණා. විශේෂයෙන්ම භාණ්ඩ ආනයනය ඉහළ ගිය නිසා නමුත් අපි විශේෂ වැඩපිළිවෙලවල් කීපයක් ක්‍රියාත්මකව නංවන්නට කටයුතු කළා විශේෂයෙන්ම අවදානම් කල්පනා කරන මූලධර්ම අනුගමනය කරලා අවදානමක් රහිත සහ අඩු අවදානමක් තියෙන බහලුම් භාණ්ඩ පරීක්ෂණවලින් ඉවත් කරලා ඒවා ආනයනකරුට කෙලින්ම නිදහස් කර ගෙන යෑමේ හැකියාව අපි ඇති කළා ඒ වගේම භාණ්ඩ සටහන් කර භාරගන්නා කාර්යාල ඒ වගේම භාණ්ඩ පරීක්ෂා කරන ස්ථාන ඒ වගේම භාණ්ඩ ස්කෑන් කරන මේ සියලුම ස්ථාන අතිරේක කාලයක් නිලධාරිත් සේවය කරන්න අපි අනුයුක්ත කළා ඒ වගේම සති අන්තයේ එක දිගටම නිවාඩු දවස්වල අපි වැඩ කරලා මේ වන විට උත්සව කාලය සඳහා ආනයනය කරන ලද සියලුම භාණ්ඩ වරයෙන් නිදහස් කරගෙන තියෙනවා කිසිම ප්‍රමාදයක් මේ වන විට ඇතිවෙලා නැහැ.
පසුගිය කාලයේ අපි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් විවිධ ක්‍රම අනුගමනය කරලා මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය අපි වෙනස් කළා විශේෂයෙන්ම භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රම වල වෙනස්කම් අපි සිදුකළා අත්‍යවශ්‍ය අවස්ථාවක පමණක් භාණ්ඩ පරීක්ෂා කිරීමට තීරණය කළා ඒ වගේම භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වැඩිපුර computer තාක්ෂණය පාවිච්චි කරලා එම පද්ධති මගින් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය ක් අපි ඉහළ නැංවුවා ඒ වගේම සේවය කරන කාලය වැඩිකරලා ඒ වගේ සිදුකළ වෙනස්කම් තුළින් තමයි අපිට එකක් අපිට ආදායම වැඩි කරගන්න හැකි වෙලා තියෙනවා අනිත් පැත්තෙන් භාණ්ඩ ඉතාමත් ඉක්මනින් නිදහස් කර ගැනිමට අවස්ථාව ලැබුණේ.
ලංකාව වගේ තීරු බදු ප්‍රතිශතය ඉහල තියෙන රටවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි නීති විරෝධීව භාණ්ඩ ආනයනය කිරීම මේක සාමාන්‍යයෙන් අපි තීරු බදු ඉතාමත් පහළ මට්ටමක තියෙන රටවල දකින්නට ලැබෙන්නේ නැහැ කෙසේ වෙතත් විශේෂයෙන්ම ලෝක රේගු සංවිධානය සමග අපි එකතුවෙලා ඔවුන්ගේත් උපදෙස් මත මේ අවදානම් කළමනාකරණ මූලධර්ම අනුගමනය කරලා මේ වගේ හොරබඩු ජාවාරම් කරන ඒ අය විසින් ආනයනය කරන භාණ්ඩ අපි කලින් හඳුනා ගැනීමේ ක්‍රමයක් අපි අනුගමනය කරගෙන යනවා ඒ තුළින් ඒවා කලින් හඳුනා ගත්තහම අපි අත්අඩංගුවට අරගෙන ඒවා පරීක්ෂා කරලා ඒ නීති විරෝධීව රේගුව තුළින් නිදහස් කරගෙන යන්නට උත්සාහ කළ භාණ්ඩ භාණ්ඩ අත්අඩංගුවට ගත්තා අනිත් ඒවා හරියට නීතිය අනුගමනය කරලා ආනයනය කරන භාණ්ඩ අපි බොහොම රේගුවේ අවම පරීක්ෂාවකින් නිදහස් කරගෙන යෑමට කටයුතු සැලසුවා ඒ නිසා තමයි අපිට එක පැත්තකින් රේගුවේ ආදායම වැඩි කරගන්න ලැබුණේ අනික් පැත්තෙන් අපි පසුගිය කාලේ විශාල වැටලීම් තොගයක් කරලා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන ඔවුන් ගෙනා භාණ්ඩ රාජ සන්තක කරලා එහෙම නැත්නම් දඩ මුදල් අය කරලා නීතිමය කටයුතු කරලා පැත්තෙන් ක්‍රම අනුගමනය කරලා ඉතාමත්ම කාර්යක්ෂමව ඒ කටයුත්ත අපි සිද්ධ කළා.
අන්තර්ජාතික වෙළඳාමේ එක ක්‍රමයක් තමයි මේ transit cargo ඒ කියන්නේ යම් කිසි රටක් හරහා තව රටකට යැවීම සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රාන්සිට් කාගො සම්බන්ධයෙන් රේගුව මැදිහත් වෙන්නේ අවම මට්ටමකින් මේ භාණ්ඩ සම්බන්ධයෙන් කිසිදු න් තීරු බදු අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කන්ටේනර්ස් බලා transport කරලා නැව්ගත කිරීම මගින් අදාළ ඒ භාණ්ඩ හුවමාරු කරන පර්යන්ත තමයි ඒ සම්බන්ධයෙන් ලාභයක් ලබන්නේ කෙසේ වෙතත් ජාත්‍යන්තරව වෙළඳාම තහනම් කරලා තියෙන භාණ්ඩ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වගේ දේවල් මේ ට්‍රාන්සිට් කාගෝ විදිහට වත් අපි රැගෙන යන්න දෙන්නේ නැහැ එවන් අවස්ථාවලදී අපිට විස්තර ලැබුණොත් ඒ වගේම ඔත්තු ලැබුණොත් අපි ඒවා අත්අඩංගුවට අරගෙන අදාල නීතිය ක්‍රියාත්මක කරනවා.
ඇමරිකාවේ බැල්ටීමෝ වරායේ සිට පිටත් වුනු නැවක් අතරමගදී පාලමක ගැටිලා තමයි අනතුර සිද්ධ වුණේ බොහෝ ප්‍රවෘත්ති පත්‍රවල සමාජ ජාලාවල අපි දැක්කා මේ නැවේ ශ්‍රී ලංකාවට ගෙන ඒමින් තිබු භයානක ද්‍රව්‍යය ඩේන්ජරස් කාගෝ තිබුණා කියන එක හැබැයි මේවා ප්‍රවෘත්ති පත්‍ර වාර්තා විතරයි එහෙම නැත්නම් සමාජ ජාලාවල යන වාර්තා විතරයි ශ්‍රී ලංකා රේගුවට කිසිම conformation එකක් ලැබුනේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවට නැවක් එනකොට ඒ නැවේ ඒජන්තවරයෙක් ලංකාවේ සිටිනවා ඒ ඒජන්තවරයා විසින් ඒ නැවේ තියෙන බහලුම් ගණන එහි සිටින කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විස්තරයක් ශ්‍රී ලංකා රේගුවට සපයනවා මේ විස්තර සපයන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදු සීමාවට ආවහම ඉතින් මේ නැව එම දුරට ආවේ නැති නිසා අපිට එහෙම ප්‍රකාශයක් කරලා නැහැ ඒ නිසා ශ්‍රී ලංකා රේගුව හැටියට අපි දන්නේ නැහැ ඇත්තටම ලංකාවට එන නැවක්ද එහෙම නැත්නම් මේ නැවේ ලංකාවේ ගොඩබෑම සඳහා බහාලුන් තිබුණාද ඒ බහලුම් වල තිබුනේ මොනවාද කියන එක අපිට වාර්තා වෙලා නැහැ එම වාර්තාව මෙච්චර කලින් අපිට ලැබෙන්නේ නැහැ කෙසේ වෙතත් අපි සොයාගෙන යනවා මේ නැවේ භයානක ද්‍රව්‍ය තිබුනද කවුද මේ නැවේ ඒජන්තවරයා ලංකාවේ ඉන්න ඔහුගෙන් අපිට ඉතුරු විස්තර ලබාගන්න පුළුවන් කෙසේ වෙතත් මං හිතන්නේ නැහැ මේ නැව ඉතාමත්ම ඉක්මනින් ලංකාවට පැමිණෙයි කියලා මේ ප්‍රශ්නය නිසා.