22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වෘත්තීය නිපුණතාවයකින් යුත් සාර් ථක ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ "STEAM Club" අද කොළඹ...

වෘත්තීය නිපුණතාවයකින් යුත් සාර් ථක ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ “STEAM Club” අද කොළඹ අශෝක විද්‍යාලයේදී ඇරඹේ- ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය.

ගතානුගතික ආකල්ප වලින් මිදී ශ්‍රී ලංකාව තුළ වෘත්තීය නිපුණතාවයකින් යුත් සාර්ථක ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පාසල් මට්ටමින් වෘත්තීය පුහුණුව ව්‍යාප්ත කිරීමේ සමාරම්භක වැඩසටහන් ලෙස “STEAM Club” අද කොළඹ අශෝක විද්‍යාලයේදී ඇරඹේ.

ඒ අනුව පාසල් තුළ අනාගත රැකියා ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සඳහා “STEAM Club” නමින් සංසඳයක් ස්ථාපනය කර ඇති අතර පාසල් කාලය තුළදීම සිසුන්ට තම අනාගත ඉලක්කයන් හඹා යා යුතු ඵලදායි හා කාර්‍යක්‍ෂම මාර්ගය කඩිනමින් තෝරාදීමත්, පාසලෙන් සිසුන් ඉවත්වූ පසු ඔවුන්ගේ අනාගතය ඵලදායී ලෙස වෘත්තීයකට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ. මේ සඳහා සාමාජිකත්වය ලබා ඇති පාසල් අතුරින් වෙන් කරගත් පාසල් 13 ක් මුලික කර ගනිමින් පෞද්ගලික ආයතන 13 කගේ මූල්‍ය දායකත්වය මත පහත සඳහන් ක්‍ෂේත්‍ර සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ.

1.Basic Electricity & Cables – ACL Cables PLC –Rajasinghe Maha Vidyalaya

2.AB Mayuri Lanka (Pvt) Ltd – Bakery Industrial – Dudley Senanayake College

3.Abans Auto (Pvt) Ltd – Electric Motor Bikes – St. Anthony’s Collage

4.Nature’s Beauty Creations Ltd – Beauty Culture – Anurudda Balika Vidyalaya

5.Sri Lanka Energy Managers Association – Energy Management – Viharamahadevi Vidyalaya

6.Lanka Tiles PLC – Tilling Trade – St. Joseph’s Collage

7.Swisstek Aluminum Ltd – Aluminum Fabricator – Gothatuwa Maha Vidyalaya

8.Disel & Motor Engineering PLC (DIMO) – Usage of Portable Power Tool – Vijayaba Maha Vidyalaya

9.Keells Food Product PLC – Food Industry & Industrial Ethics – Prof. Ediriweera Sarachchandra Vidyalaya

10.Siam City Cement Lanka Ltd Insee – Bakery Industry – Ave Maria Collage

එහි ප්‍රධාන වැඩසටහන Plumbing Industry & Plumber Occupation සඳහා S Lon Lanka (Pvt) Ltd ආයතනය, Printing Industry & Printer Occupation සඳහා Print Care PLC ආයතනය හා Painting Industry & Painting Occupation සඳහා Akzonobel Paints Lanka (Pvt) Ltd ආයතනයේ මූල්‍ය දායකත්වය යටතේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments