29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ගමේ ක්‍රීඩාවට පණ දෙන්න රුපියල් මිලියන 8264ක්

ගමේ ක්‍රීඩාවට පණ දෙන්න රුපියල් මිලියන 8264ක්

‘වැඩ සමග යළි ගමට’ වැඩසටහන හරහා ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය සහ තරුණ තරුණයින්ගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීමට රුපියල් මිලියන 8264ක් වෙන් කිරීම මගින් ගම් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන් සමග ඊයේ (10 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

මෙය ඉතිහාසයේ ක්‍රීඩා හා තරුණ කටයුතු වෙනුවෙන් වැඩිම මුදල් වෙන් කළ පළමු අවස්ථාව වන අතර ග්‍රාමසේවා වසමකට එක් ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩා සමාජයක් වනසේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අමාත්‍යංශයේ අරමුණය. එම යටිතල යොදාගනිමින් ගම් මට්ටමෙන් ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීමට කටයුතු යොදන බවද මෙහිදී ප්‍රකාශ විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments