29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ආසාදිතව මියගිය කතගේ සැමියාගෙ මළසිරුර වළලා ඇත්තේ නීතියට පිටින්

කොවිඩ් ආසාදිතව මියගිය කතගේ සැමියාගෙ මළසිරුර වළලා ඇත්තේ නීතියට පිටින්

කොවිඩ් ආසාදිතව පෙරේදා මියගිය හැටතුන් හැවිරිදි කාන්තාවකගේ සැමියා, මෙයට සතියකට පමණ පෙර මිය ගොස් තිබේ.

ඔහුගේ මරණය නිරෝධායන නීතිවලට පටහැනිව භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයාගේ දැනුම් දීම මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහනුවර මහයියාව ධම්මදස්සි මාවතේ පදිංචිව සිට පසුගිය විසිඅට වැනිදා මියගිය තැනැත්තාගේ මළසිරුර ග්‍රාම නිලධාරි දැනුවත්ව සාමාන්‍ය මළසිරුරක් භූමදානය කරන අන්දමට මහයියාව පොදු සුසාන භූමියේදි භූමදානය කර තිබේ.

එම පුද්ගලයාගේ බිරිය පසුගිය අටවැනිදා මරණයට පත්වීමෙන් පසුව ඇයට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව හෙළිවී තිබේ. ඇගේ සැමියා නිරෝධායන නීතිවලට පටහැනිව වළ දමා තිබෙන බව අනාවරණය වී තිබෙන්නේ කාන්තාවගේ මරණ පරික්ෂණයේදී සිදුකළ සාක්ෂි විමසීමේදීය.

සිද්ධිය හෙළිවීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ මරණ පරීක්ෂකවරයා පැවැසුවේ, මියගිය කාන්තාව කොවිඩ් ආසාදිත බැවින්, ඇයගේ සැමියාටද වයිරසය ආසාදනය වී තිබෙන්නට ඇති බවය.

මිය යන අයගේ අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර සිදු කළ යුතු වුවත් මෙහිදී එය පැහැර හැර ඇති බව පවසන හදිසි මරණ පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බවද පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත්, මරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක කටයුතු කළ යුතු අන්දම පිළිබඳව දැනුම් දී තිබියදී සිදුව ඇත්තේ කුමක්ද යන්න වහා සොයා බලන බවත් මහනුවර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ කියයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments