කුරුණෑගල බාලිකා විදුහලක සිසුවියකගේ මුළු පවුලම කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වීම සැලකිල්ලට ගෙන අනෙක් සිසුවියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් එම පාසල හෙට (11) සිට ලබන අඟහරුවාදා (15) දින තෙක් වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගෙන ඇත.
එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ පියා කුරුණෑගල නගරයේ එළවළු ව්‍යාපාරිකයෙකු වන අතර මීට සතියකට පමණ ඉහතදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත. පසුව කරන ලද පීසීආර් පරීක්ෂාවකදී එම පවුලේ සාමාජිකයන් 06 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී ඇත.
මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ මෙම පාසල ආරම්භ කිරීමට පෙර පවත්වන ලද ශ්‍රමදානයකටද සහභාගි වීම හේතුවෙන් එදින ශ්‍රමදානයට සහභාගි වූ ගුරුවරු 21 දෙනෙක්ද මේවනවිට ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.