රත්නසිරි පතිරණ.
දේශීය කතානාද සිනමාව නව මාවතකට යොමු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දෙස් විදෙස් ඇගයීමට ලක් වූ මෙරට සිටි විශිෂ්ටතම සිනමා කරුවෙකි.ඒ මහතා 1919 අප්‍රේල් 05 දා දෙහිවලදී උපත ලැබූ අතර දොස්තර ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් මහතා සිය දයාබර පියාණන් වූ අතර ඈන් ගර්ට්රූට් විනිප්‍රීඩා මහත්මිය දයාබර මෑණියන් වූවාය.බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ලෙස්ටර් ඉංග්‍රීසි සාහිත්‍යයට දැක්වූයේ දැඩි ඇල්මකි.අධ්‍යාපනය නිමවීමත් සමඟ තරුණ ලෙස්ටර් ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී ‘ඔබ්සර්වර්’ පුවත්පතෙන් මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹුවේය.ඉන්පසු රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වන ලෙස්ටර් ලංකා ගීතය, නෙළුම්ගම වියළි කලාප ජය ගැනීම, රැකෙනු නැත්නම් තැවෙනු වැනි වාර්තා චිත්‍රපට ඔහු විසින් නිර්මාණය කරන ලදී. 1949දී නිර්මාණය කළ Solioquy (සෙලියලොකි) ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය විනාඩි 12ක පර්යේෂණාත්මක චිත්‍රපටයකි.1956 ලෙස්ටර් නිර්මාණය කළ රේඛාව ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වෙයි.අපේ කතානාද සිනමාවට සිංහල ලකුණ උරුම කර දුන්නේ රේඛාව චිත්‍රපටයෙනි.ඉන්දියානු වට්ටෝරු සිනමාවට කොටුවූ අපේ දේශීය කතානාද සිනමාව චිත්‍රාගාරවලින් බැහැර වී එළිමහන් දර්ශන තල වෙත රැගෙන ගියේද ලෙස්ටර් නිර්මාණය කළ රේඛාව චිත්‍රපටයයි.1960දී සංදේශය නිර්මාණය කළ ඔහු 1965 දී ගම්පෙරළිය චිත්‍රපටය නිර්මාණය කළ අතර ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙස ගම් පෙරළිය රණමයුර සම්මානයෙන් පිදුම් ලැබුවේය.දෙලොවක් අතර, රන් සළු ගොලු හදවත, අක්ක පන, නිධානය, දෑස නිසා, මඩොල් දූව, The God King, වීර පුරන් අප්පු, අහසින් පොළොවට, පිං හාමි, බැද්දෙගම, කලියුගය, යුගාන්තය අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ ලෙස්ටර් දේශීය සිනමාවට තිළිණ කළ නිර්මාණයන්ය. මෙම අසහාය සිනමාකරුවා කරුවා 2000 – රණ මයුර යාවජීව සම්මානය (නවදිල්ලිය), 2001- ඩූ වීල් ස්වර්ණපද්ම සම්මානය (ප්‍රංශය), (2002) – Golden Lotus Award (ප්‍රංශය), 2003 – යුනෙස්කෝ ෆෙලෙනි රන් සම්මානය, 2007 – ශ්‍රී ලංකාභිමානය ඇතුළු දෙස් විදෙස් ඇගයීමට ලක්වූ මෙම අග්‍රගණ්‍ය සිනමාකරුවා 2003 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියද පිරිනමන ලදී.නැසී ගිය ප්‍රවීණ සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මියගේ දයාබර සැමියා වූ මේ ලෝක පූජිත සිනමාකරුවා 2018 අප්‍රේල් 28දා දිවිසිනමාවෙන් සමුගත්තේය.

