ජාතික පාරිසරික ගොවි සම්මේලනය වාර්ෂිකව පවත්වනු ලබන පාරම්පරික පාරිසරික ගොවීන්ගේ අලුත් සහල් මංගල්‍ය (07) ඉරුදින උදෑසන 6.00ට අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්වේ.
උතුරු මධ්‍යම දෙදිසාවේ ද්විතික සංඝනායක, එප්පාවෙල ශ්‍රී ඛෙත්තාරාම පුරාණ රාජමහා විහාරාධිපති මහමාංකඩවල පියරතන මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් රජරට පාරම්පරික පාරිසරික ගොවීන් ඇතුළු ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ගොවීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අලුත් සහල් මංගල්‍යෙයේදී සම්මේලනයේ සාමාජික ගොවීන්ට ඉදිරි කන්න සඳහා වගා කිරීමට දේශීය පාරම්පරික බිත්තර වී ප්‍රභේද ලබාදීමද සිදු කෙරේ.
මෙම අවස්ථාවට ජාතික පාරිසරික ගොවිසම්මේලනයේ පැවිදි අනුශාසක පණ්ඬිත මිහින්තගේ ජෝතිරතන හිමි, ගොවි සම්මේලනයේ සභාපති ආයුපාල හේරත්, ලේකම් නිරෝෂන් මාන්නාධිපති, ජාතික සංවිධායක විශාන්ත ප්‍රියරංග පීරිස් යන මහත්වරුන් සහ දිවයින පුරා ප්‍රාදේශීය සංවිධානවල ක්‍රියාකාරීන් සහභාගිවෙති.