කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය ඔක්තෝබර් මස 4 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,265 කි.
ඊයේ දිනයේ කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි. ඒ ආසාදිතයින් 254ක් ලෙසය. මීට අමරතව මට්ටක්කුලියෙන් ද ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරේ අනු පොකුරක් ලෙස නිර්මාණය වූ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2826 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින් 89 දෙනා ද සමගය.
කෙසේවෙතත් ආසාදිතයින් 816 දෙනෙකු සුවය ලබා ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා තත්ත්වයට පත්කර ඇති අතර මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක්කර සිටින සමස්ත සංඛ්‍යාව 95,000 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.