“යුනාන් පළාත් ජනතා සංගමය පවත්වන නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහන
“Yunnan Hand to Hand- 2024 Brightness Action”free contact lens implantation program
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් ජනතා සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) එක්ව සම්පුර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් (23 ) නාරාහේන්පිට,ලංකා හොස්පිටල් හිදී ආරම්භ කෙරිණි.මෙම අක්ෂි කාච බද්ධකිරිම් අද(24) ද සිදුකෙරේ.
දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්යි නිර්දේශ මත තෝරාගත් අක්ෂි රෝගීන් 100 දෙනෙකුට චීනයේ යුනාන් ප්රාින්තයේ කුන්මිං වෛද්ය විශ්වවිද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ අක්ෂි වෛද්‍යවරුන් රෝගීන්ගේ අසේ සුද ඉවත්කර අක්ෂි කාචය බද්ධ කිරිම් සිදුකරති.
පසුගිය වසරේ කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහල ලංකා හොස්පිටල් හි නොමිලේ ඇසේ සුද ඉවත්කිරිම් හා අක්ෂි කාචය බද්ධ කිරිම් 120ක් සම්පූර්ණ කර ඇත.
මෙම අවස්ථාවට කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ උප සභාපතිවෛද්‍ය YingleiMiaoමහතා ඇතුලු අක්ෂි ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් හා ලංකා රෝහලේ වෛද්‍ය , හෙද කණ්ඩායමක් මෙම වැඩසටහනට සහභාගි වි සිටි.ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.



