25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලෝවැසි කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් සමරති.

ලෝවැසි කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් සමරති.

ලෝකවාසි කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් අද(01) සමරති. මෙවර 138වන කම්කරු දිනය සමරන අතර 1886දී චිකාගෝ නුවර සිදුවු පැය අටක සේවා මුරයක් ඉල්ලා ඇතිවු අරගලයෙන් කම්කරු දිනය සැමරීම ආරම්භ කෙරිණි.

එහිදි චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ට එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවත් 1933 සිට මෙම කම්කර දිනය සැමරීම සිදුකරයි. දැන් මෙය දේශපාලන පක්ෂ අතට අරගෙන තිබීම කණගාටුවකී.

මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇත.

එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.

ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments