26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් ගේ...

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් ගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක් රුපියල් කෝටි 15 ක පමණ මතද්‍රව්‍ය සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් ගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක් රුපියල් කොට් 15 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 13ක්, හෑෂ් කිලෝ 06ක් කොකේන් ග්‍රෑම් 539ක් හා රුපියල් මිලියන 1.5ක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සිදුකෙරේ.

ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ හි ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල දී සිදුකරන ලද වැටලීමක දී ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාශික් ගේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කපිල හෙවත් ඉසුරු නැමැත්තා රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 13 ග්‍රෑම් 339 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 395 ක්, කොකේන් ග්‍රෑම් 539 ක්, සහ මුදලින් රුපියල් ලක්ෂ 15 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 45 ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා වයස අවුරුදු 51 ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිතා කරන ලද ෆියස් වර්ගයේ කාර් රථයක් සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දෙන ලදී.

මොහු වසර 02 ක පමණ කාලයක සිට කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහාපරිමාන මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකර ඇති අතර පසුගිය 2024.04.24 වන දින මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීමට අදාල අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙකු වේල්ල වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වල කොළඹ 12 මධ්‍යම පාර මාදම්පිටිය සුසාන භූමිය ඉදිරිපිට දී හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 60ක්, මුදලින් රුපියල් මිලියන 4.9ක් අත්අඩංගුවට ගන්නා ලදී.

තවද විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඉකුත් පෙබරවාරි(16 ) වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් ඒරියා කොටසේ රථ ගාලේ දෙවන මහලේ දී සිදුකරන ලද වැටලීමක දී ශිරාන් බාෂික් ගේ පුතෙකු වන නදින් බාෂික් නැමැත්තා පලා ගොස් ඇති අතර ඔහු සමග සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු අත්ඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ දී මෝටර් රථ 03ක තිබී හෙරොයින්, විදේශ මුදල් තොගයක්, විවිධ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට පත් විය.

මෙසේ පලාගිය ශිරාන් බාෂික් ගේ පුතා වන නදින් බාෂික් අත්අඩගුවට ගැනීම වලක්වාලමින් ජනාධිපති නීතිඥයෙකු ඇතුළු නීතිඥවරුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත නීතිඥ මඩුල්ලක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එරෙහිව වී රීට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කර ඇත.

දැයේ ජීවය වන් තරුණ පරපුර මත්රකුසාට බිලි දෙමින් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බෂික් තම පුතා බේරාගැනීම සඳහා මෙලෙස උත්සාහයක යෙදී සිටී.
ශිරාන් බාෂික්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ කපිල හෙවත් ඉසුරු නැමැත්තාගේ දැනට මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අනියම් බිරිදගේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවක් හන්තාන ප්‍රදේශයේ අවන්හලක දී ඉකුත් මාර්තු (17) අත්අඩංගුවට ගත් අතර එහිදී නවීන මොටර් රථයක්, විදේශ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments