කේරළ ගංජා ජාවාරම් කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කේරළ ගංජා කිලෝ පහක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සිදුකෙරේ.ඒ අනුව වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ අන්තවාදී ක්‍රියා/ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.බී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පුලියන්කුලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව වවිනියාව පොලිස් වසමේ තාන්ඩිකුලම, ඒ 09 මාර්ගය, ONMART යුධ හමුදා ආපනශාලාව අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 124 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වවිනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා වවිනියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොල සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදි සැකකරු පැමිනි මෝටර් රථයෙන් විශේෂ කාර්ය බලකායෙ නිලධාරීයෙකු අනතුරකට ලක්කර පලා යද්දි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බලවත් පරිශ්‍රමයක් දරා එක්කෝටි හතලිස් ලක්ෂයක අයිස් මත්ද්‍රව්‍ය ද සමග අත්අඩංගුවට ගනී.
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කඩවත පොලිස් වසමේ කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළද සංකිර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසල දී වැටලීම් සිදුකර ඇත.
එහි දී විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බලකා නිළධාරියෙකු අනතුරට ලක්කර එම මෝටර් රථය පලා යෑමට උත්සාහ කර ඇති අතර රථය එකවරම පිටුපසට ගැනිමේදී මෝටර් රථයෙ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානි සමග අධිවේගි මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පලා යෑමට උත්සාහකර ඇත.එහිදි පිටුපස ටයරයේ හුලං බැසයෑමෙන් ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවයද්දී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සැකකරු බලවත් පරිශ්‍රමයක් දරාඅත් අඩංගුවට ගෙන ඇත.
මෙහිදී සැකකරු පැමිනි මෝටර් රථයේ තිබී අයිස් 10g යි 650 mg ක ප්‍රමාණයක් ද සොයා ගත් අතර ඔහුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්ණ කිරීම් වලදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු වු දැනට මියගොස් සිටින සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් යන අයගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 680 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අංක 104/2, ලින්දර, පමුණුවත්ත ලිපිනයේ සහ අංක 88/44, පර්තිලන් පාර, කොළඹ 14 පදිංචි වයස අවුරුදු 36 ක් හා අවුරුදු 31 වන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර මොවුන් සන්තකයේ තිබී ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් 8,400.00 ක් හා ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05 ක් හා මුදල් ගනුදෙණු සටහන් පොතක්ද ,මොවුන් දෙදෙනා සන්තකයේ තිබී සම්පූර්ණ අයිස් 1kg 22g 650mg ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

