29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමධ්‍යම තැපැල් හුවමාරුවේදී සැකපිට පරීක්ෂා කළ විදෙස්වලින් පැමිණි පාර් සල්වල රුපියල් මිලියන...

මධ්‍යම තැපැල් හුවමාරුවේදී සැකපිට පරීක්ෂා කළ විදෙස්වලින් පැමිණි පාර් සල්වල රුපියල් මිලියන 9ක මත්ද්‍රව්‍ය – ශ්‍රී ලංකා රේගුව

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 10 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී . මෙම පාර්සල් කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තය සිට දෙහිවල, වැල්ලවත්ත ,වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි .
වැඩිදුර විමර්ශනයේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී .
විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 150 ක් හා kush නැමැති ගංජා විශේෂය 466g ද කොකේන් 10g සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 9 කට ආසන්න බව තහවුරු කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි. පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments