29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමිකඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සාංචි මහා විහාරය සමග පළමුවරට ‌වෙසක් සමරතී.

ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සාංචි මහා විහාරය සමග පළමුවරට ‌වෙසක් සමරතී.

ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සාංචි මහා විහාරය සමග එකතුව මෙවර වෙසක් උත්සවය ප්‍රථම වරට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සාංචි හි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකළ “සාංචි මහාබෝධි චේතියගිරි විහාරය” කේන්ද්‍ර කරගනිමින් මෙවර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් (මැයි 23 හා 25) අති උත්කර්ෂවත් වෙසක් උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි, සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි,වෙසක් පොහෝ දින අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වෙනුවෙන් කිරිපිඬු සහිත ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව
සාංචි, විදීසා, බෝපාල් ප්‍රදේශයේ බෞද්ධයන්ගේ හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සංචි වන්දනා නිකේතනයේ සිට චේතියගිරි විහාරය දක්වා අලංකාර වෙසක් පෙරහැරක් පැවැත්වීමට ද කටයුතු කෙරේ.

අනතුරුව සාංචි චෛත්‍යය හා චේතියගිරි විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වෙනුවෙන් එම කිරිපිඬු සහිත ගිලන්පස බුද්ධ පූජා පැවැත්වෙන බව විමලතිස්ස හිමියෝ පවසති.

ඊට අමතරව පැමිණෙන සැදැහැතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දන්සල් රැසක් පැවැත්වෙන බව විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පවසති.

එමෙන්ම මෙවර ප්‍රථම වරට බෝපාල් හි “කරුණා” බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ මෙහෙයවීමෙන් හා සහභාගිත්වයෙන් මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් මැයි 25 වෙනි දින අති උත්කර්ෂවත් පෙරහරක් ද දන්සැල් සමූහයක් ද සාංචි නගරය සහ චේතියගිරි විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පස්වරුවේ සාංචි බෞද්ධ විශ්වවිද්‍යාල භූමියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ පරිශ්‍රයේ බෝධිපූජා පින්කමක් සහ සවස ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි තපස්සී හිමියෝ පැවසූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments