කොළඹ වික්‍රමපාල
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් කොමසාරිස්වරු සහ කොළඹ බන්ධනාගාර අධිකාරිවරුන් සමග බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සාකච්ඡාවක් පැවැත්වූවා මේ වන විට බන්ධනාගාර නිලධාරින් පිරිසක් සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළා .
වෘත්තීය ක්‍රියාමාර් ග ගැනීමට අපේ ආඥා පනත සහ ආයතන සංග්‍රහය අනුව කාටවත් විදිහක් නෑ
යම් යම් බන්ධනාගාරවල අධිකරණ කටයුතු අඩාල වීම් සහ බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා කළා .(20) අමාත්‍යතුමා බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම පිළිබඳ බොහොම සුබවාදී ආකාරයෙන් කටයුතු කළා .මෙම සේවයට වාර්තා නොකිරීම පිළිබඳ තවදුරටත් කරුණු සලකා බලා එම කටයුත්ත අවසන් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා කරුණු දැක්වුවා .
බන්ධනාගාර කොමසාරිස් පාලන විසින් මෙම ක්‍රියාමාර්ගයේ සිටින බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා ඒ සාකච්ඡාව අනුව මේ වන විට බන්ධනාගාර නිලධාරීන් සේවයට වාර්තා කිරීම සඳහා එකඟ වෙලා තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බන්ධනාගාර සේවයට වාර්තා නොකිරීම නිසා බන්ධනාගාර කිහිපයක අධිකරණය වෙත සැකකරුවන් යොමු කිරීමේ කටයුතු අඩපණ වෙලා තිබුණා යම් බන්ධනාගාරවල එම බන්ධනාගාරවල අධිකාරිවරුන් ගරු අධිකරණය සමඟ සාකච්ඡා කර සැකකරුවන්ට දින දීර්ඝ කර ගැනීම සහ සෝම් තාක්ෂණය ඔස්සේ සමහර නඩු වලට රඳවියන් ඉදිරිපත් කර තිබුණා .
වන්දනාගාර ආරක්ෂක තත්ත්වය සතුටුදායක තත්ත්වයක තිබෙනවා ආරක්ෂාව සඳහා නිසි බන්ධනාගාර නිලධාරීන් සේවයට වාර්තා කර තිබෙනවා .
ඊයේ හා පෙරේදා දිනවල බන්ධනාගාර නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම යම් නිලධාරී ප්‍රමාණයක් සිදුකර තිබුණා .බන්ධනාගාරයට පැමිණි නිලධාරීන් මගින් අමුත්තන් බැලීමේ කටයුතු බන්ධනාගාරයේ ආරක්ෂක විධිවිධාන ඊට අමතරව උසාවි සැකකරුවන් යොමු කිරීමේ කටයුතුත් සිදුකළා අධිකරණ කටයුතු සඳහා නිලධාරීන් නොමැති බන්ධනාගාරවල අධිකාරිවරුන් උසාවිය සමඟ සාකච්ඡා කර බලපත්‍ර දීර්ඝ කර ගත්තා .සූම් තාක්ෂණය ඔස්සේ සමහර නඩුවලට රඳවියන් යොමු කළා .
බන්ධනාගාරවල ගැටලු සහගත තත්ත්වයක් නොමැතිව සියලු දේ කළමනාකරණය කළා .
බන්ධනාගාර නිලධාරීන් අද පැවැති සාකච්ඡා අනුව ඔවුන්ගේ සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියාමාර්ගය අවසන් කළ බව දැනුම් දීලා තිබෙනවා .ඒ අනුව නිසි පරිදි බන්ධනාගාර සේවයට වාර්තා කරන ලෙස සියලු නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා .
මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අපේ ආඥා පනත සහ ආයතන සංග්‍රහය අනුව කාටවත් විදිහක් නෑ .මෙවැනි ක්‍රියාදාමයකට ඉදිරියේදී පාත් නොවීමට අපි වග බලා ගන්නවා .මේ වන විටත් ඔවුන්ගේ පඩි වැඩි කර ගැනීම් සම්බන්ධයෙන් පරිපාලන විදිහට අපි ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා .ඉදිරියේදීත් ඒ පිළිබඳව බන්ධනාගාර පරිපාලනය විදිහට .සියලු නිලධාරීන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා .
ඊයේ සහ අද දින බන්ධනාගාර නිලධාරීන් සේවයට වාර්තා නොකිරීමත් එක්ක මතුවන ගැටලුකාරී තත්ත්වය අවම කිරීමට පොලිස්පතිතුමා ඉතා සුවිශේෂී සහයක් ලබා දුන්නා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් එතුමාට ස්තූතිවන්ත වෙනවා එතුමාගේ නියෝග පරිදි සියලුම පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතු සහ බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා හොඳින් සේවය කළා ඒ ගැන දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වෙනවා .