26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ්. ...

නීති විරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

නීති විරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බී. ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) නාවලපිටිය පොලිස් වසමේ පිහිටි Green Sky Forage කෘෂි රසායන හා පොහොර අලෙවි ආයතනයේ හා Immiyas Forage කෘෂිරසායන හා පොහොර අලෙවි ආයතනයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී කුරේටර් කෘමි නාශක කිලෝ 30 ක්, විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 40 ක් හා විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික බෝතල් 20 ක් අලෙවිය සදහා සන්තකයේ තබාගෙන සිටි කැටඹුලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු හා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඹුක්පිටිය කෘෂිකර්ම පර්යේෂණ කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකා එච්.ටී.සී. ඉන්ද්‍රචාපා මහත්මිය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments