එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු එළැඹෙන ජනවාරි මාසයේ දී නම්කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයේ හඬනැගීම සඳහා තම පක්ෂයේ නියෝජිතයෙකු අවශ්‍ය බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු රුවන් විජේවර්ධන මහතා,
“පසුගිය කාලයේ හැමවෙලේම එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දිගුකරලා කිව්වා අපි සෑම දෙයක්ම විජාතිකයින්ට විකුණනවා කියලා. රටෙන් භාගයක් අපි අමෙරිකාවට විකුණුවා කිව්වා. එක එක චෝදනා අපිට එල්ල කළා. නමුත් අපිට කිසිසේත්ම රටේ සම්පත් වෙනත් රටවල්වලට විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. අපිට කිසි ඩීල් එකක් නෑ. අපි එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහමැතිවරණයේ දී ප්‍රශ්නවලට මැදිහත් වුණේ නැති නිසා අපිට ජනවරමක් ලැබුණේ නෑ පාර්ලිමේන්තු යන්නට. දැන් අපි පොඩ්ඩක් බලන් ඉන්නනේ මොකද්ද මේ වෙන්නේ කියලා. සමහරු කියනවා විපක්ෂයක් නෑ කියලා. ආණ්ඩුවට ඕන විදියට ඒ අය වැඩ කරන් යනවා කියලා. දැන් පාර්ලිමේන්තුවත් විහිලුවට පත්වෙලා. අපි බලන් ඉන්නේ මොකද්ද මේ අය කරන්නේ කියලා. දැන් වෙලාව හරි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ජනවාරි මාසයේ සුදුසු පුද්ගලයෙක් අපි පාර්ලිමේන්තු යවනවා.