21.8 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස  නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බව ද ඒ මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහි දැඩි දඞුවම් පැමිණ විය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා ඉදිරියේ දී කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් හා නින්දිත ලෙස පාරේ මැද්දේ තියා පහර ගැසීම් ආදි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන සියලු දෙනා හඳුනාගත් පසුව ඔවුන්ට නඩු දාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූප හා විස්තර මාධ්‍යයට නිකුත් කරනවා. ඒ තුළින් මම හිතනවා ඉදිරියේ දී එවැනි දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් හෝ ලැජ්ජාවක් ඔවුන් තුළ ඇති කිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය. මහජන ආරක්ෂක ඇමති හැටියට මට ලැබිලා තියෙන වගකීම තමයි සමස්ත ජනතාවට බියෙන් සැකයෙන් ජීවත්වෙන්න පුළුවන් සමාජයක් ඇති කිරීම. ගමේ චණ්ඩි පමණක් නෙමෙයි ගෙදර ඉන්න බිරිඳට පොල්ලෙන් ගහලා  අතපය කඩන ස්වාමිපුරුෂයෝත් ඉන්නවා. එවැනි කාන්තා හිංසනයන් හා ගමේ වෙන වෙනත් අපරාධ සම්බන්ධයෙන් අපි සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට. අපි දඬුවම් දෙනවාට වඩා මේ පණිවුඩය ජනතාවට දෙනවා. ඉදිරියේ දී නීතිගරුක සමාජයක් හදලා ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවිත් විය හැකි සමාජයක් හැදීම මගේ වගකීමක්.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments