අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් මගින් පොතුවිල් ඌරනි රජයේ කෑලෑ ප්‍රදේශයේ රත්‍රං සොයමින් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තීබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ් අනුව අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ගුනසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එන්.එන්. ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) පොතුවිල් පොලිස් වසමේ ඌරනි රජයේ කෑලෑ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රජයේ කෑලෑ ප්‍රදේශයට ඇතුළු වී LTTE ත්‍රස්තවාදින් විසින් යුධ සමයේ දී වල දමා සගවා තබන්නට ඇතැයි සැක කරන රත්තරන් ස්කෑන් යන්ත්‍රයක් මගින් සොයා කැනිම් කරමින් සිටි කිරිමැටියාව, කැකුනගොල්ල, පොතුවිල්, කෝමාරි 01, දඹුල්ල සහ බුල්තොට යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 32 – 64 අතරේ වයසේ පසුවන සමන්තුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලබන පොලිස් සැරයන් වරයෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු එම ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නුවරඑළියේ බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් දිගු කලෙක පටන් රහසිගතව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දහතුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එමි.පි.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මාඑළිය රක්ෂිතයට අනවසරෙන් ඇතුලුවී එහි ජෛව විවිධත්වයට දැඩි හානි ගෙන දෙමින් කෙසෙල්ගමුව ඔය ඇළ ඉවුරට හානි වන පරිදි දිගු කලෙක පටන් රහසිගතව මැණික් ගරමින් සිටි බොගවන්තලාව, අවිස්සාවේල්ල, රත්නපුර, කලුතර, පූගොඩ ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 61 ත් 21 ත් අතර පුද්ගලයින් දහතුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.
එතනෝල් ජාවාරමක සුලමුල හෙලිවේ.නීති විරෝධි ලෙස එතනෝල් යොදාගනිමින්සිදුකරන මහා ජාවාරමක් වැටලිම ට විශේෂ කාර්ය බලකාය සමත් වෙයි.
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍ර.පො.ප. එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දංකොටුව පොලිස් වසමේ අංක 212, හුරිගහවත්ත, ඇටියාවල, දංකොටුව ලිපිනයේ පිහිටි වීරසිංහ සර්විස් සෙන්ටර් ආයතනය පරිශ්‍රයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 8,295 ක් හා එතනෝල් ලීටර් 4,950 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව සුරාබදු ස්ථානය වෙත භාර දී ඇත.
මෙම එතනෝල් යොදා ගනිමින් මත්පැන් අලෙවිකරන ස්ථානවල එතනෝල් මිශ්‍ර කරමින් පාරිභෝගිකයන්ට ලබා දීම සදහා භාවිතා කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙරටට හිමි විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ ගෙන්වන ලද මහා පරිමාණ විදේශිය දුම්වැටි 38,860 ක විශාල තොගයක් සමග ජාවාරම් කල පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.01 වන දින මාලිගාවත්ත පොලිස් වසමේ නො 88/22 බී, ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද MANCHESTER වර්ගයේ සිගරට් 38,860 ක් සන්තකයේ තබාගෙන සිටි ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ප්‍රදේශයේ තාවකාලි පදිංචි වයස අවුරුදු 41 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.