27.2 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්පොලිස් ස්ථානමාරු ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි

පොලිස් ස්ථානමාරු ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු මස 15 වන දින තෙක් ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති බවය.

මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ට එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කරුණු ගැන සොයාබැලීම සඳහා මේ සහන කාලය ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මාර්තු 15 වන දින එනම් විභාගය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments