සමාජවාදි ජනතා පෙරමුණ සඳහා නව නිලධාරී මණ්ඬලයක් පත්කරගෙන තිබේ. ඒ් අනුව ඉකුත් වසරේ දෙසැම්බර් (08) පැවැත්වුණු සමාජවාදී ජනතා පෙරමුණේ සම්මේලනය තෝරා පත් කළ විධායක සභාව ඉකුත් (04) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ දී රැස්වී පහත දැක්වෙන නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගනු ලැබීය.
ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රීි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය හාදේශ විමුක්ති ජනතා පක්ෂය යන දේශපාලන පක්ෂවලින් සමන්විතව සමාජවාදි ජනතා පෙරමුණ නිර්මාණයවී තිබේ.
එහිදි සමාජවාදී ජනතා පෙරමුණ සඳහා නව සභාපති මණ්ඬ ලය ලෙස මහාචාර්ය තිස්ස විතාරණ (පා.ම.),වාසුදේව නානායක්කාර (පා.ම.),අසංක නවරත්න (පා.ම.) ,ඩිව් ගුණසේකර මහත්වරුන් පත්කරගෙන ඇත.
සමාජවාදී ජනතා පෙරමුණ සඳහා නව ලේකම් මණ්ඩ ලය ලෙස වෛද්‍ය ජී. වීරසිංහ,ජී. වී. ඩී. තිලකසිරි ,ඇල්ෆ්‍රඩ් රාමනායක,රවීන්ද්‍ර ප්‍රදීප්
යන මහත්වරුන් ඒකමතිකව පත්කෙරුනු අතර වෛද්‍ය ජී. වීරසිංහ සහෝදරයා සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත් කර ගනු ලැබිණි.
සමාජවාදී ජනතා පෙරමුණේ බාන්ඩාගාරික ලෙස කේ. විලේගොඩ සහෝදරයා තෝරාගැනුනි.
සමාජවාදී ජනතා පෙරමුණේ සංවිධායක කමිටුව සහ මාධ්‍ය ලේකම් පසුව පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේ දී පත්කර ගත යුතු බව ද විධායක සභාව විසින් තීරණය කර තිබේ.