කොළඹ මහල්නිවාස, වතු හා හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල අහඹු ලෙස පී.සි.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන් දිගින් දිගට සිදුකරන අතර එහිදි ලැබෙන තොරතුරු අනුව ආසාධිතයන් අදාල මධ්‍යස්ථාන වෙත ගෙන යන්නත් එසේ නොවන පවුල් පිළිබඳ ජනාධිපති කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය වෙනුවෙන් පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ අනුමැතිය මත තීන්දු තීරණ ගන්නත් බලාපොරොත්තුවන බව කොළඹ දිස්ත්‍රික්ක ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ පිළිබඳ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.........කොවිඩ් 19 හෙවත් නවකොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමග මේවනවිට කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වල නිරෝධායනය කළ පවුල් දාහතර දහස් හයසිය හැත්තෑදෙකයි.ඒ අයට වෛද්‍ය නිලධාරින්ගේ සංඛ්‍යා ලේඛණ අනුව ආධාර ලබාදී තියෙනවා. මේවනවිට නාගරික වතු, මහල් නිවාස හා හුදෙකලා නිවාසවල සිටිනවා පවුල් අසුහත්දහස් හාරසිය දාහතුනක් සිටිනවා. මෙහිදි එක් පවුලක එක් අයෙක්වත් මෙම පරීක්ෂණ වලට භාජනය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදි ඇතැම් මහල් නිවාස හුදෙකලා කොට දින හතළිස් පහක් පමණ තිබුණා. එහිදි ජනාධිපති කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත කාර්ය සාධක බලකාය විසින් මෙම නිවෙස්වල අහඹු ලෙස පී.සි.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව සිදු කළා. මේ සතියේ ආරම්භ කොට මේ පරීක්ෂණ පන්දහසක් පමණ සිදුකොට තියෙනවා. මෙහිදි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධිතයකු ලෙස හඳුනා ගත හොත් අදාල මධ්‍යස්ථානයක් වෙත යවන්න කටයුතු සූදානම් කර තියෙනවා. එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ව දිගටම පරීක්ෂාවට ලක්වෙන අතර එසේ නැති අය පිළිබඳ ඉදිරියේදි මෙම බලකාය විසින් තීරණයන් ගන්නවා.
කොළඹ පී.සි.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන් දිගින් දිගටම
RELATED ARTICLES