ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.
පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ඇත.
ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ දී අද (12) පැවති අතර තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා එහි දී පැවසීය.
දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ මතුව ඇති තත්ත්වය අනුව නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව ඇති බවත එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවත් එහිදී අදහස් දැක්වූ රණවක මහතා කීවේය.
ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල, එම පක්ෂයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ යන අයද මෙහිදී සිය තනතුරු වලින් ඉල්ලා අස්වූහ.
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
RELATED ARTICLES