22.4 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeදේශීය පුවත්පාතාලයට ගිනිඅවි සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාතාලයට ගිනිඅවි සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තාට අවි ආයුධ නිෂ්පාදනය කළ ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට සහ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02 ක්, T 56 ජීව උණ්ඩ 18ක් සොයාගෙන තිබේ.

මෙම සැකකරු මීටපෙර ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අධිකරණයෙන් වරදකරුවෙකු කරන ලද පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අවිස්සාවේල්ල ගූරුගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකයයේ නිලධරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, ටී 56  ජීව උණ්ඩයක් සහ කඩු 02ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments