21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදෙමටගොඩ කමල්ගේ පිස්තෝල අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

දෙමටගොඩ කමල්ගේ පිස්තෝල අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

2010 වසරේ දී ඝාතනයට ලක් වු ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ දෙමටගොඩ කමල්ගේ පිස්තෝල අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17 ) හොරණ හා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයන් වල දී අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදුකර ඇත.
එහි දී මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකුව සිටි 2010 වසරේ දී ඝාතනයට ලක්වු දෙමටගොඩ කමල් නැමත්තා සතුව තිබු චෙකොස්ලෝවැකියාවෙි නිෂ්පාදිත අති නවීන මිලිමීටර් 9 ප්‍රමාණයේ CZ වර්ගයේ පිස්තෝල දෙකක් හා එම අවියට යොදන පතොරම් ගැබ් 02 ක් සමග හොරණ සහ පහල හංවැල්ල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 46 ත්, 55 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු එම පිස්තෝල අවි සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ හා හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.

මෙය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෑත කාලයේ සොයා ගත් 70 වැනි විදේශීය නිෂ්පාදිත පිස්තෝලයයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අඛණ්ඩව තම මෙහෙයුම් සිදුකරමින් අහිංසක මනුෂ්‍ය ජිවිත අහිමි කරන ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙන දෙන සංවිධානාත්මක අපරාධ කරුවන්, පාතාල ක්‍රියාවන් සදහා භාවිතා කරන මෙම ගිනි අවි මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් මනුෂ්‍ය ඝාතන, සහ තවත් අපරාධ රැසක් වලක්වා ගැනීම ට හැකි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments