25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

 

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.     

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘SAMIDARE (DD – 106)’ නෞකාව, දිගින් මීටර් 150.5 ක් හා නැව් මුළුව 202 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් KOGA Naoki කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘SAMIDARE (DD – 106)’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් KOGA Naoki සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් අද දින (2024 ජුනි 20) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුනු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත. 

තවද, SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 ජුනි මස 22 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments