26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදුර් ලභ වාලම්පූරි 3ක් සමග තිදෙනකු එස්.ටී.එෆ්. දැලේ

දුර් ලභ වාලම්පූරි 3ක් සමග තිදෙනකු එස්.ටී.එෆ්. දැලේ

දුර් ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වවිනියාව කලාපය බාර පොලිස් අධිකාරී ගුනසේන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලංකාපටුන නාවික හමුදා නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක බී.යූ.එස්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර නගරයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉතා දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සන්තකයේ තබාගෙන සිටි බලංගොඩ, රඹුකන සහ පස්සර ප්‍රදේශ වල පදිංචි වයස අවුරදු 36 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුක අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments