ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 6 පරීක්ෂණ කටයුතු සඳහා නවතන තිබේ.
මෙම පාර්සල් කැනඩාව හා ඇමරිකාවේ සිට කොළඹ , කඩවත යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී . විවෘත කරන ලද පාර්සල් තුළ cocaine නැමැති මත් ද්‍රව්‍ය 2030 g හා kush නැමැති ගංජා විශේෂය 2177 g, ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 190 කට ආසන්න බව තහවුරු කරන ලදී. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .
