25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍

පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍

පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මොවුන් රටට  ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට  කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පී සී ආර් පරීක්ෂණය කිරීමේදී කිරීමේදී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බවට තොරතුරු හෙළි ව ඇති බවත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වූ වරදට ඔවුන් යටත් වන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි  නිරත නොවන ලෙසත් කෝවිඩ් වයිරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

මෙවැනි අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට  ඒ සදහ අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය  යුතු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments