25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ රටේ සමස්ත වැඩකරන ජනතාවටම විශ්‍රාම වැටුපක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

මේ රටේ සමස්ත වැඩකරන ජනතාවටම විශ්‍රාම වැටුපක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී සිදුකරන්න හැකිවුණා කියන සතුට මට අවසානයේ ඉතිරි වේවි- ඇමැති මනූෂ නානයක්කාර

පෙර පාසැල් ගුරුවෘත්තිය ඇතුළු අනෙකුත් අවිධිමත් වෘත්තීයන්ද සළකා බලා ඒවාට ඊ. පි. එෆ්. හා ඊ.ටි.එෆ්. අනතුරුව රජයේ හෝ පෞද්ගලික අංශය කියා කිසිදු භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ රජය යටතේ සියලු දෙනාට විශ්‍රාම වැටුපක් ලබාදීමේ සන්තෝෂය තමාට තිබෙන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කරනුලබන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊයේ (28) මඩකලපුවේ පැවැති අවස්ථාවේදී මෙය විදේශ රැකියා නියුක්ති කාර්යයාංශය මෙහෙයවයි. එහිදි ජ්‍යෙෂ්ඨ පෙරපාසැල් ගුරුවරියක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය… මෙම කම්කරු අමාත්‍යාංශය මම භාර ගත්තේ වසර දෙකකට පමණ පෙර එදා ඡන්දයක් තියා රට ඉදිරියට යෑමට හැකියාවක් තිබේදැයි අපි කාටත් කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ.

අද මෙම ජ්‍යෙෂ්ඨ පෙරපාසැල් ගුරු අම්මා කියන ගැටලු ටික සෑම දාම තිබුණා ඊට කව්රුත් විසඳුම් ලබාදෙන්න කටයුතු කළේ නෑ. පිළිතුරු සොයන්න මහන්සි වුණෙත් නෑ. මේ ගැටලු කතා කරන්න පටන් ගන්නේ ඡන්දයක් කාලයටයි. එම කාලය වෙන කොට පෙරපාසැල් ගුරුවරියෝ ටික රැස් කරලා පාලකයෝ ඔය ගැටලු විසඳලා දෙන්නම් කියලා පොරොන්දු දී ඡන්දයෙන් පසු පෙරපාසැල් ගුරුවරුන් අමතක කරලා දමනවා.

මේ නව නීතිරීති සකස් කළේ මීට වසර එකහාමාරකට කලිනුයි එදා පෙර පාසැල් ගුරුවරුන්, විදුලි කාර්මිකයෝ , බස් රියැදුරන් වැනි වෘත්තීකයින්ගෙන් අපි අදහස් හා යෝජනා ගත් අවස්ථාවේ සිදුකළ වීඩියෝ පට තමයි ඔබලා මීට පෙර නැරඹුවේ. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් දැන් දිස්ත්‍රික්ක දහනවයක් ගොස් තිබෙන අතර එහි ගොස් ඔබ සැමගෙන් අදහස් අරගෙන තමයි අපි මෙම නීතිරීති සකස් කරගෙන නීතිපති දෙපාර්තමේන්තව දක්වා ගොස් තිබෙන්නේ. සෑම වෘත්තීයකටම ඊපිඑෆ් හා ඊටිඑෆ් දෙන්න විශ්‍රාමවැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත් කර අවසන් අවස්ථාව දක්වා ගෙන එන්න අපිට හැකියාව ලැබි තිබෙන්නේ අපි කාලයක් මුළුල්ලේ සිදුකළ එම වැඩසටහන නිසයි. අද කඳුළු සැලු එම අම්මා දුක්බරව කියපු කතාව ඇයට සිදුවු දෙය අනෙක් අයට වෙන්න දෙන්න එපා කියමින් සිදුකළ කතාවට අපි දැන් විසඳුමක් සොයා දෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාලන සමායේ මට හැකිවීම සතුටක්.

මේ වැඩසටහන පටන් ගන්නා විට ඡන්දයක් තිබෙන කාලයකවත් නොවේ. හැබැයි දිස්ත්‍රික්ක විසිපහක මේ යෝජනාවට අදහස් ලබාගැනීමට ගොස් ක්‍රියාත්මක වෙනවිට තව මාස කිහිපයකින් ඡන්දයක් එන්න පුළුවන් නමුත් මැතිවරණ කාලයට මේ ගැන කතා කරන එකයි අපේ වැඩසටහන අතර වෙනසක් තිබෙන බව ඔබලා මතක තබාගන්න. ජ්‍යෙෂ්ඨ පෙරපාසැල් ගුරුමහත්මියගේ ඉල්ලීම අපි ඉටුකරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments