26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP“Devon 5”බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත...

“Devon 5”බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින ( 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් 2024 ජුනි මස 30 වන දින මුදවා ගැනීමට  කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට විය.

අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත 2024 ජුනි මස 30 වන දින සන්ද්‍යාවේදී  දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගත් අතර, එම ධීවරයා වෙත විජයබාහු නෞකාවේදී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම මඟින් හදිසි ප්‍රතිකාර ලබා දෙමින්, අද දින උදෑසන ( 01) මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන විත්  වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments