21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකන්ජිපානි පාතාලයාගේ මත්කුඩු ජාවාරම මෙරට සිදුකළ කාන්තාවක් ඇතුළු දෙදනකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

කන්ජිපානි පාතාලයාගේ මත්කුඩු ජාවාරම මෙරට සිදුකළ කාන්තාවක් ඇතුළු දෙදනකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය හා උප පොලිස් පරික්ෂක ආර්.පි.එස්.ටි. කාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායම් දෙකක් (20) මහබාගේ පොලිස් වසමේ හා රාගම පොලිස් වසමේ විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් සිදුකර ඇත.

එහි දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන සෙල්වකුමාර් රංජිත් යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු රාගම, වැලිසර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 440 ක් සමග ද වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 610 ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 650 ක්, ඩිජිටල් තරාදියක්, ජාවාරමින් උපයාගත් රුපියල් 47,000.00 ක මුදලක් හා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24 ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 30 ක් ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එක් සැකකරුවෙකු මහබාගේ පොලිස් ස්ථානය වෙත හා අනෙක් සැකකරු හා සැකකාරිය රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments