25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අනීතික ලෙස රට තුළට ගලා එන විදේශීය පාවහන් නිසා දේශීය කර් මාන්තය...

අනීතික ලෙස රට තුළට ගලා එන විදේශීය පාවහන් නිසා දේශීය කර් මාන්තය කඩා වැටීමේ අවධානමක-ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය

කොළඹ වික්‍රමපාල

අනීතික ලෙස රට තුළට ගලා එන විදේශීය පාවහන් නිසා දේශීය කර්මාන්තය කඩා වැටීමේ අවධානමක් තිබෙන බව ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක සභාවේ සභාපතිනෙවිල් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් දින කොළඹ පැවැති ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය මාධ්‍ය හමුවේදීය. එහි වැඩිදුරටත් අදහස් දැක්වුඋපදේශක සභාවේ සභාපතිවරයා මෙසේද කීය…ආනයන සීමා ලීහිල් කිරීම තුළින් වැඩියෙන්ම ලංකාවට පාවහන් හා සම්භාණ්ඩ ගලා ඒමක් වෙනවා අනීතික ලෙස ගලා එන මේවායේ කිසිම ගුණාත්මක භාවයක් නැති දේවල් තමයි එන්නේ අපේ අමුද්‍රව්‍යවලට අපි බදු ගෙවලා තමයි අපේ කර්මාන්ත නිෂ්පාදනය සඳහා ලබා ගන්නේ නමුත් එන පාවහන් සේ අත් බෑග්වල කිසිම බදු අය කිරීමක් නැතුව අනීතික ලෙස රට තුළට ගලා එනවා.
මේවා තුළින් අපේ කර්මාන්ත ටික ආරක්ෂා කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

රටේ පවතින තත්වයත් එක්ක පාවාහන් සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ ලක්ෂ 03 ක් පමණ සේවා නියුක්තිකයක් තියෙනවා වාර්ෂික අපේ වෙළඳ පිරිවැය රුපියල් බිලියන 150ක් වනවා පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ මේ වෙනකොට ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ රට තුළ මෙය අද ඊයේ වූන දෙයක් නෙමෙයි වර්ෂ ගණනාවක් තිස්සේ ගොඩක් කැපකිරීම් කරලා මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ 2007 වර්ෂයේ අපේ ක්ෂේත්‍රයේ ට්‍රස්ට් ඉන්ඩස්ට්‍රියක් බවට පත් කළා එවකට රජය එදා සිට අපිට ලෙදර් fair එකක් තියෙනවා දැනටමත් ලංකාවේ එකම ප්‍රදර්ශනයක් තියෙන්නේ ජාත්‍යන්තර තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පමණයි.
එම වාතාවරණයක් තුළ මේ පැවති අවුරුදු හතරක කාලයක් තුළ පැවති අර්බුදකාරී තත්ත්වයක් වූණත් අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ කිසි කෙනෙක් අපි ඉල්ලා සිටියේ නෑ රජයකින් අපේ ණය කපා හරින්න අපට සහන දෙන්න ඉඩම් දෙන්න කියලා කිසිම ඉල්ලීමක් කළේ නැහැ.

ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් උදේනි නාකන්දල ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන සමාගම්වල කළමනාකර අධ්‍යක්ෂකවරුන් වන සමන්ත උදේසිරි,ද්‍රමේන්ද්‍ර හංගමුව,එස් වැල්ලහේවා අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments