කොළඹ වික්‍රමපාල
සම්මේලනයේ තේමාව වන්නේ ” ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයක් කරා”
යන්නයි. 26 වැනි දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.
ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී.නන්දලාල්
වීරසිංහ මහතාය. සාමාජික සංගම් සහ අනෙකුත් සංවිධානවල කීර්තිමත් වෘත්තිකයන් 300 කට
අධික සංඛ්‍යාවක් මෙම සමාරම්භක උත්සවයට පැමිනීමෙන් එය තවත් කැපී පෙනෙන
අවස්ථාවක් බවට පත් වනු ඇත.
සභාපති නීතීඥ සුජීව ලාල් දහනායක මහතා, ප්‍රධාන ලේකම් තිසර ද සිල්වා මහතා, සහකාර
භාණ්ඩාගාරික දර්ශන විජේමාන්න මහතා, වාර්ෂික සම්මන්ත්‍රණ කමිටුවේ කැඳවුම්කරු ජයන්ත
ගාල්ලහේවා මහතා ඇතුළු OPA සංවිධානයේ නිලධාරී මණ්ඩලය සහ කමිටු සාමාජිකයින්
සහභාගී වෙති.
වාර්ෂික සම්මන්ත්‍රණයේ දෙවන දිනය සැසි පහකින් සමන්විත වන අතර, එහිදී විවිධ විශය
ක්ෂේත්‍රවල සහ ශාස්ත්‍රාලික ප්‍රමුඛ පෙළේ කීර්තිමත් විද්වතුන් ආරාධිත කථිකයන් ලෙසින්
දේශන සහ ඉදිරිපත් කිරීම් සිදු කරනු ඇත. මෙම සැසිවාර වල සිදු කරනු ලබන සාකච්ඡා,
බලධාරීන්ට සහ අදාළ පාර්ශ්වකරුවන්ට වැදගත් ප්‍රතිපත්ති නිර්දේශ සහ යෝජනා ඉදිරිපත්
කිරීමට විශේෂඥයින්ට සහ වෘත්තිකයන්ට ඉඩ ප්‍රස්තාව ලබා දෙනු ඇත.
සැසිවාරවල සාකච්ඡාවට බදුන් වන විවිධ විෂයයන්, රටේ තිරසාර ආර්ථික වර්ධනය සාක්ෂාත්
කර ගැනීම සඳහා ප්‍රමුඛතම වැදගත්කමක් ඇති මාතෘකා ඔස්සේ මෙහෙයවනු ඇත.
එම තාක්ෂණික සැසිවල මාතෘකා වන්නේ,
ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික කටයුතු
, ආර්ථීක වර්ධනය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
, නීති ප්‍රතිසංස්කරණ සහ නියාමන රාමු වැඩි දියුණු කිරීම
, ආර්ථික වර්ධනයේ දී මූල්‍ය ආයතනවල කාර්යභාරය
- උසස් ඩිජිටල් තාක්ෂණය හරහා ආර්ථීක පරිවර්තනය ශක්තිමත් කිරීම
සෑම සැසියක්ම එකී සැසිය සඳහා තෝරා පත් කරගත් සැසි සභාපතිවරයෙකු මෙහෙයවනු
ලැබේ.
සැසිවාර ප්‍රවීණ කථිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සෑම අයකුම
විනාඩි 20 ක ඉදිරිපත් කිරීමක් කරනු ඇත. සෑම සැසියක් අවසානයේම, සැසියේ සභාපතිවරයා
විසින් මෙහෙයවනු ලබන, මිනිත්තු 20 ක ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වෙන අතර, එහිදී
ප්‍රේක්ෂකයන්ට වැඩිදුර සාකච්ඡා පැහැදිලි කිරීම් සඳහා මෙන්ම ප්‍රශ්න කිරීම් සදහා අවස්ථාව
ලැබේ.
අගෝස්තු මස 27 වන දින තාක්ෂණික සැසි පහත උපමාතෘකා ඔස්සේ මෙහෙයවනු ලබයි
පළමු සැසිය: ජාත්‍යන්තර වෙළඳ සහ ආර්ථික කටයුතු, අපනයන – නැඹුරු ආර්ථිකයට යොමු වන්නේ කෙසේද?
- ප්‍රාග්ධන සෙවීමේ කාර්යයේ දී කටයුතු කරන ආකාරය
, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මානව ප්‍රාග්ධනයේ ආයෝජනය කිරීම
දෙවන සැසිය: ආර්ථීක වර්ධනය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුනර්ජනනීය බල ශක්තිය
, සැපයුම් දාමය: ප්‍රවාහන සහ සැපයුම්
, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය
තුන්වන සැසිය: නීති ප්‍රතිසංස්කරණ සහ නියාමන රාමු වැඩි දියුණු කිරීම:
බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම
, ව්‍යාපාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාණිජ නීති ප්‍රතිසංස්කරණය කිරීම
, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නියාමන රාමුව වැඩිදියුණු කිරීම
සිව්වන සැසිවාරය: ආර්ථික වර්ධනයේ දීමූල්‍ය අංශයේ කාර්යභාරය :
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සහ මූල්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය කිරීම
, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මුල්‍ය ප්‍රවේශය (SMEs)
, මූල්‍ය හා ආර්ථික වර්ධනය සඳහා සමුද්‍රීය සම්බන්ධතා ඇති කිරීම
ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය (OPA) 1975 දී පිහිටුවන ලද අතර එය නීතිය,
වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ගණකාධිකරණය, සැපයුම් දාම කළමනා කරණය, ගෘහ
නිර්මාණ ශිල්පය සහ බැංකුකරණය වැනි විවිධ වෘත්තීන් 34 කින් සමන්විත සාමාජික සංගම් 52
කින් යුක්ත වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ප්‍රධානතම සංවිධානය වේ. සාමාජිකයින් 60,000
කට අධික සංඛ්‍යාවක ඒකාබද්ධ ශක්තියක් ඇති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම්
සංවිධානය යනු රටේ වෘත්තිකයන්ට ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන්
ඔවුන්ගේ සාමූහික විශේෂඥ දැනුම ලබා දීමට සහ වෘත්තීන් දියුණු කිරීම සඳහා ක්‍රියා කිරීමයි