26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමිකජපානයේ ලංකාජී විහාරයේ වස් ආරාධනාව සිදුකෙරේ.

ජපානයේ ලංකාජී විහාරයේ වස් ආරාධනාව සිදුකෙරේ.

ජපානයේ ඉදිකළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හි ලංකජී විහාරයේ 2024 වසරේ කඨින පිංකම සඳහා වස් ආරාධනය පසුගියදා (20) විහාරස්ථානයේ දී සිදුකෙරිණ.

මීට වසර 40 කට පෙර ජපානයේ ඉදිකළ එරට ප්‍රථම ථේරවාදී සහ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකජී විහාරයේ හතළිස් වන වරටත් පවත්වන වාර්ෂික කඨින පූජා මහෝත්සවය සඳහා වස් ආරාධනා කිරීමේ පින්කම පසුගියදා(20) සිදුකෙරිණ.
ජපානයේ Beliatta Japan ව්‍යාපාරයේ සභාපති ප්‍රසාද් ප්‍රියන්ත පේදුරු ආරච්චි මහතා,Belta Foods ආයතනයේ අධිපති රසික පේදුරුආරච්චි මහතා සහ Asisn Foods ව්‍යාපාරයේ අධිපති කේ. නිශ්ශංක විජේරත්න මහතා ප්‍රමුඛ එම පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් ලංකජි විහාර දායක සභාවේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම වස් ආරාධනා පින්කම සිදුකෙරිණ.
එම වස් ආරාධනාව භාරගැනීමේ පුණ්‍ය අවස්ථාව ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති ලංකජි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරාධිකාරී පූජ්‍ය හේනේගෙදර ශීලභද්‍ර හිමි,විහාරවාසී පූජ්‍ය යටවර පඤ්ඤාරාම හිමි ,පූජ්‍ය තලන්ගල්ලේ සෝමසිරි හිමි,පූජ්‍ය මොට්ටුන්නේ අංගීරස හිමි පූජ්‍ය කොස්වත්තේ පාලිත හිමි සහ පූජ්‍ය ගලබොඩ අස්සජි හිමි යන ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් එම විහාරස්ථානයේ දී පැවැත්වුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments