එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුධ සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්‍රං අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් සෙවීම් කරමින් සිටි යුධ හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු වන, දැනට අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා යන අයගේ සඟවා තිබූ රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක වටිනාකමක් ඇති හෙරොයින් කිලෝඑකට වැඩි ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23 ) මිනුවන්ගොඩ පොලිස් වසමේ අංක 303, තොටිල්ලගහවත්ත, අළුතේපොල, මිනුවන්ගොඩ දරණ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජල ටැංකියක් තුල රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 22 කට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 70 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණය කිරිමේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ යන අයවළුන්ගේ සමීපතමයකු වන ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමේදී අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා යන අයගේ අනුදැනුම පරිදි අත්අඩංගුවට ගත් ස්ථානයේ රහසිගතව සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙරටට හිමි විය යුතු තීරු බදු මුදල් අහිමි කරමින් හොර රහසේ ගෙන්වනු ලැබු නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිට විතාන මහතාගේ අධීක්ෂණයෙන් කහවත්ත කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.ආර්.එන්.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23 ) ඇළපාත පොලිස් වසමේ කරංගොඩ පංසල අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අලෙවි කිරීම සඳහා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි 200, Goldleaf වර්ගයේ දුම්වැටි 200 ක් සමග රත්නපුර, හංගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුධ සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්‍රං අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් සෙවීම් කරමින් සිටි යුධ හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත හා සහකාර පොලිස් අධිකාරී සහකාර පොලිස් අධිකාරි එස්.ඒ.සී. අශෝක මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක බී.ඒ.ඩී. අබේනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) මන්නාරම පොලිස් වසමේ තාල්පාඩු පාර, තාරාපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුධ සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්ත්‍රං සහිත ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා බලපත්‍රයක් හෝ වෙනත් අවසරයක් ලබා ගැනීමකින් තොරව පොලොව ගැඹුර නිරීක්ෂණය කරන අධි සංවේදී උපකරයක් ආධාරයෙන් පරික්ෂා කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 49 ක් වන යුධ හමුදා ලුතිනන් වරයකු සහ කඩුවෙල, වව්නියාව, අනුරාධපුර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 29 ත් 62 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු පොලොව අභ්‍යන්තරය නිරීක්ෂණ කරන අධි සංවේදි උපකරණයක් සහ ලැප්ටොප් පරිඝණක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.