කොළඹ ිවික්‍රමපාල
ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු දැනට මැතිවරණ මහලේකම් කාර්යාලය හා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදුකරමින් තිබෙන බව ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ මෙම මාසය අවසන්වීමට පෙර මැතිවරණය පවත්වන දිනය හා නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශ කරන බවය. ඒ අනුව හෙට (25) මැතිවරණ කොමිසම රැස්වී එම තීරණ ගැනීමට නියමිතයි. මහා මැතිවරණය පැවැත්වීමත් එකම දිනයක නොවේ වෙනත් දිනයක පැවැත්වීම ගැන අවධානය යොමු කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.
ඒ අනුව මුද්‍රණලාධිපතිනි කල්පනා ගංගානි ලියනගේ මහත්මිය ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ අඟල් 26ක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවුවහොත් මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන හයසීයත් අටසීයත් අතර වියදමක් යන බව පැවසුවාය. මැතිවරණ දෙකකට අදාල කඩදාසි රජයේ මුද්‍රණාලය සතු බවර ඇය සිහිපත් කළාය.