කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු දෙකක් ජාවාරම් කිරිම සඳහා සැරසුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එච්.කේ.එම්.ඒ. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) පුත්තලම පොලිස් වසමේ කොළඹ පාර පාලවිය හංදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරිම සඳහා කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු 02 ක් සන්තකයේ තබාගෙන සිටි බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රූපියල් කොටියකට ආසන්න අටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි වයස අවුරුදු විසිපහක තරුණ පුද්ගලයෙකු ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබු ලක්ෂ දෙකකට ආසන්න මුදල් ද සමගින් වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ i හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) වත්තල පොලිස් වසමේ ඇවරියාවත්ත පාර, වත්තල යන ලිපිනයේ පිහිටි ඔරියන් සැලුන් ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 513 මිලි ග්‍රෑම් 920 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද ශ්‍රී ලංකා වලංගු මුදල් රුපියල් 196,500.00 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
